මුලතිව් හි නිරෝධායනය වෙමින් සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුලු පිරිස ඔවුන් රැඳී සිටින පරිශ්‍රය තුළ විරෝධතාවක නිරත වුණා.
ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස බල කරමිනි.
අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයේ සම්පත් උපයෝගී කරගනිමින් සකස් කළ විරෝධතා වැනි ලියූ පුවරු ප්‍රදර්ශනය කරමින් මාධ්‍ය හමුවන්ද කැඳවා තිබූ අතර ඊට නිරෝධායනයේ නිරත වන ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමියන් ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ලේකම් පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන්ද, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝප් ස්ටාලින් ද ඊට එක්ව සිටියේය.
පාර්ලිමේන්තු වට්රවුමේදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පසුගියදා විරෝධතාවයේ නිරත වූ බව පවසමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතලු 31 දෙනෙකු අත්අඩාගුවට ගත් අතර ඔවුන්ට ඇප හිමි වීමෙන් පසු ඉන් 16 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පොලිසිය කටයුතු කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...