ඊයේ(11) කඩුවෙල ප්‍රදේශයේ පැවැති කප් රුක වැඩසටහන යටතේ පොල් පැල බෙදා දීමේ වැඩ සටහනට සහභාගි වීමෙන් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයන් පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් තමන් දරන ලද මුල් ස්ථාවරයේ කිසිදු වෙනසක් නැති බවයි.
එහිදී මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා පවසා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා හෝ වෙනත් පුද්ගලයකු පාර්ලිමේන්තු පැමිණීමට විරුද්ධව තමන් අදහස් පළ නොකළ බවත් තමන් අදහස් පළ කළේ 20 වැනි සංශෝධනයේ දී ද්විත්ව පුරවැසිභාවයට අදාළ ගැටලුව නිරාකරණය විය යුතු බව යැයි අවධාරණය කළේය.
බැසිල් රාජපක්ෂ මහතාට හෝ වෙනත් අයෙකුට තනතුරක් දීමට ජනාධිපතිට අයිතියක් ඇති බවත් ඒ අයිතිය කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකි බව අමාත්‍යයවරයා පැවසූවේය. ආර්ථිකයේ පවතින අභියෝගය ජයග්‍රහණය කළ හැකි නම් එය ඉතාම වැදගත් බවත් පැවසූ විමල් වීරවංශ මහතා බැසිල් රාජපක්ෂ මහතාට එය පුළුවන් වේවිද බැරි වේවි දැයි තමන් නොදන්නා බව පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...