දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්තා සංශෝධනය සදහා අවශ්‍ය කරන 2/3 බලය නොලැබී යන තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව දේශපාල න ආරංචිමාර්ග සදහන් කරයි.

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 54 දෙනා මෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 දෙනාද දැනටමත් ඊට විරුද්ද වන බව සදහන් කර ඇත.

ජාතික හෙල උරුමය, සරත් ෆොන්සේකා, මනෝ ගනේෂන් දැනටමත් සදහන් කර ඇත්තේ යෝජනාවට විරුද්ද වන බවයි.

මේ තත්වය මත දැනටමත් මන්ත‍්‍රීවරුන් 75 දෙනෙකු විරුද්ද වීම මත යෝජනාව සම්මත නොවීමට වැඩිම ඉඩක් පවතී.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයද බොහෝ විට යේාජනාවට විරුද්ද වනු ඇති අතර තවත් පිරිසක් ඡන්ද විමසීමට නොපැමිණ සිටීමට ෙහා් ඡන්දය දීෙමන් වැලකී සිටීමට ඉඩ ඇත.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සරල බහුතරයවත් නොලැබී යාමේ ඉඩ කඩ නිර්මාණය වෙමින් පවතින බවට දේශපාලන විචාරකයෝ මත පල කරති.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රුසියාව බලා යන අමාත්‍යයවරුන් දෙදෙනෙක් රුසියාවෙන් ඛනිජ තෙල් ලබා ගැනීමටද සාකච්ඡා කරනවා- අමාත්‍ය කාංචන විජේසේකර

අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...


Read More

මහා චක්‍රවර්ති රජෙක් වගේ අගමැති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ අද විස්තර විචාරකයකුගේ තත්ත්වයට පත්වෙලා- පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්

වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...


Read More

ණය ඉල්ලනවා වෙනුවට එකඟ වී ඇති කොන්දේසි සපුරන්න ඉන්දියාව ලංකාවට කියූ බව සන්ඩේ ටෛම්ස් පුවත් පත කියයි

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...


Read More