දේශීය පුවත්

මහවැලි බී, සී සහ රඹකැන්ඔය කලාපවලට අයත් ජනපදිකයින් 12,083ක් වෙත හිමිකම් ඔප්පු පිරිනැමීම හෙට (01) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව වැලිඔය ප්‍රදේශයේ දි සිදු කෙරේ.

මෙහිදී මහවැලි බී කලාපයට අයත් ජනතාව වෙත හිමිකම් ඔප්පු 6,104ක්, සී කලාපය වෙත 4,312ක් හා රඹකැන්ඔය කලාපය වෙත ඔප්පු 1,595ක් පිරිනැමීම සිදු කෙරේ. මෙම හිමිකම් ඔප්පු අතරට විහාරස්ථාන 22ක් හා රාජ්‍ය ආයතන 50ක් ද අයත් වේ.

මහවැලි ජනපදිකයින් වෙත හිමිකම් ඔප්පු පිරිනැමීම 1,80,000ක පමණ ඉලක්කය ලබන වසර මැද භාගය පමණ වනවිට සම්පූර්ණ කරගත හැකි බවත් හිමිකම් ඔප්පු ලබාදීමේ ක්‍රමවේදය කඩිනම් කරන ලෙස මහවැලි අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබාදී ඇතැයි ද මෙම අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඉදිරි කාලයේ දී මහවැලි ව්‍යාපාරයේ දැවැන්ත සංවර්ධනයකට ලක් කිරීමේ විවිධ වැඩසටහන් අමාත්‍යංශය වෙතින් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ඒ යටතේ වැව් 2500ක් නවීකරණය කිරීමේ කටයුතු ඉදිරි වසර දෙකක පමණ කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට ද, ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට මහවැලි කලාපවලින් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීම, මහවැලි කලාප වෙත විවිධ ආයෝජන රැගෙන ඒමට සැලැස්සවීම වැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුනි.

මහවැලි ජනපදිකයින් වෙත ඇති හිමිකම් ඔප්පු සම්බන්ධයෙන් මෙන් ම විවිධ ගැටලු නිරාකරණය කිරීම වෙනුවෙන් ඉදිරියේ දී ජංගම සේවා වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More