දේශීය පුවත්

මාලබේ සයිටම් නමින් ආරම්භ කළ පෞද්ගලික වෛද්‍යය විද්‍යාලයේ නීති උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් හිඳ වත්මන් ආණ්ඩුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රභල තනතුරක් හිමිකරගත් පුද්ගලයෙකුගේ සෘජු මැදිහත්වීම යටතේ ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිතව තිබූ කොතලාවල ආරක්ෂක විද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සෘජු මැදිහත්වීමක් කර ඇති බව නීති ක්ෂේත්‍රයේ වෘත්තිකයන් විසින් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත කරුණු දක්වමින් පවසා සිටියෝය.

මේ වන විට අධිකරණ අමාත්‍යාංශය විසින් අනෙකුත් අමාත්‍යාංශ වලට අදාළව සියළු පනත් කෙටුම්පත් සැදීමේ කටයුතු වලට මැදිහත් වන බවට ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කරණු ලැබීය.

මේ අතර ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ වත්මන් අධිකරණ අමාත්‍ය වරයා ඉදිරිපත් කල 2019 කොවිඩ් 19 විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත 1815 උඩරට ගිවිසුමටත් වඩා භයානක දේශද්‍රෝහී නීති මාලාවක් බවයි.

ඒ අනුව නීති ක්ෂේත්‍රයේ විද්වතුන් පවසන්නේ අධිකරණ අමාත්‍යයවරයා යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය වැනි ආයාතන ඉතාම සූක්ෂම අයුරින් රටේ ඉදිරි ගමනට බරපතල ලෙස බලපාන පනත් ඉදිරිපත් කිරීම් මෙන්ම වෙනත් ආකාරයේ අනීතික බලපෑම් කිරීමට කටයුතු කරණ බවයි.

මෙම සියළු කාරණා සම්බන්ධව විග්‍රහයක් කරමින් නීති ක්ෂේත්‍රයේ වියතුන් පවසා සිටින්නේ ඕමල්පේ සෝභිත හිමියන් වත්මන් අධිකරණ අමාත්‍යවරයා, වගකීම් බාරගෙන, දේශද්‍රෝහී ක්‍රියාවක් සිදුකිරීමට උත්සහ කිරීමේ වරදට, අවංකවම වරද පිලිගෙන, ඔහු මේ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි යනුවෙන් කරණ ප්‍රකාශය ඉතාමත් නිවැරැදි ප්‍රකාශයක් බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More