දේශීය පුවත්

ඊයේ (08) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍යය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසන්නේ තමා ඉල්ලා අස්වීමට සුදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ප්‍රකාශයක් කළ බව ය යි.

“මම ප්‍රකාශයක් කළා අපේ පාර්ලිමේන්තු කණ්ඩායම් මම ඉල්ලා අස්වීමට සුදානම්, ඒක භාර අරන් කවුරුහරි වැඩ කරනවා නම් වැඩකරන්න කියලා. ඒකට මගේ එකඟතාවය තියෙනවා. කවුරුත් ඉල්ලන නිසා නෙමෙයි. අපේ පක්ෂය තීන්දු කරනවා නම්, පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කරනවා නම්, පක්ෂ නායකතුමා කියනවා නම් කරුණාකරලා අයින් වෙන්න කියලා‍ මම අයින්වෙලා ඒක දෙන්න සුදානම්. කිසි ගැටලුවක් නෑ. මේ වගේ හැමදාම ඉන්න බලාපොරොත්තුවක් නෑ. ඒකට තාම පිළිතුරක් ලැබුණේ නෑ. ලැබුණොත් හෙට උදේ අයින් වෙන්න කියලා. මම අයින් වෙනවා.“
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය දා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ,“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්නම් අද මේ ආණ්ඩුවත් නෑ.අත්ත වශයෙන්ම ජනාධිපතිතුමත් නෑ . අපි පක්ෂය හැටියට තීන්දුවක් ගත්තා. අපේ සංවිධායකවරු සියලුදෙනා විරුද්ධ වෙද්දී අපි තමා ගිහින් ඒ වෙනස කරේ. අපිට ඒ නිසා වගකීමක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුදෙනා වැඩකරන්න නෙමෙයි හිටියේ. ඔවුන් වෙනම මතයක හිටියේ. ඒ මතය අපි වෙනස් කළා. ඒ අනුව ජයග්‍රහණය අවතක්සේරු කිරීම ගැන දිලුම් අමුණුගම මහතාට කියන්න කැමතියි නැවත හැරිලා බලලා සොයලා බලන්න ඉතිහාසයේ සිදුවු දේ ගැන.“ යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More