දේශීය පුවත්

පෙරටුගාමී සමාජවාදි පක්ෂය සහ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (08) බත්තරමුල්ලේ දි රජය විසින් හඳුන්වා දෙන පෞද්ගලික විශ්ව විද්‍යාල පණතට එරෙහිව පොලිසිය වීසින් ගෙන ගිය දැඩි මර්දනකාරි පිළිවෙත අපි දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා යැයි දේශප්‍රේමි ජාතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික නිතීඥ නුවන් බැල්ලන්තුඩාව ප්‍රකාශ කළේය.

කොවිඩ් වසංගතය පාලනය සඳහා පනවා ඇති නිරෝධායන නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මහජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදි අයිතිවාසිකම් උදුරා ගැනීම කිසිසේත්ම සාධාරණිකරණය කරන්න බැහැ. සයිටම් විශ්ව විද්‍යාලයට , පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි ජනමතයකින් බලයට පැවති ආණ්ඩුවක් ජනතාව ප්‍රතික්ෂේප කරපු දේම නැවත ක්‍රියාත්මක කිරිමේන් පේන්නේ ඒ ආණ්ඩුවේත් මේ ආන්ඩුවෙත් වෙනසක් නැති බවයි. ආණ්ඩුවට උද්ඝෝෂ්ණ තහනම් කරන්න අයිතියක් නෑ, ඒ වගේම ජනතාව , දේශපාලන ක්‍රියාකාරින් නිවාස අඩස්සියට දාල , ආණ්ඩුවට තමන්ගේ හිතුමතේ ඒකපාර්ශවිකව ආන්ඩු කරන්න අයිතියක් නෑ. උද්ඝෝෂණ වලට නිරෝධායන නීතිය අදාල කරන්න ආණ්ඩුවට තියෙන මේ තදියම සිංහල වෙද මහත්වරුන්ට බෙහෙත් කරන්න තියෙන අයිතිය ලබා දෙන්න කටයුතු කලා නම් මේ ආර්ථික ප්‍රශන මෙන්ම විදේශ එන්නත් වලට වියදම් වන මුදල් ඉතිරි කර ගන්න තිබ්බා, තමන්ට එරෙහි බලවේග මර්ධනය කරන අතරේ, පවුලේ උදවිය අතර සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයෙම අයිතිය බෙදා ගැනීමෙන් ආණ්ඩුව ඉතා දරුණු විදිහටකට එකාධිපති පවුල්වාදයක් කරා යමින් සිටිනවා. බැසිල් රාජපක්ෂ එනකොට කිරිබත් කන්න , රතික්ඥා පත්තු කරන්න, පාර වල් වල රස්තියාදු ගහන්න නිරෝදායන නීති අදාල වෙන්නෙ නෑ. අපි නැවත මේ අත් දකින්නේ 2010-2015 දුෂිත රාජපක්ෂ යුගයේ දෙවන දිග හැරුමයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More