දේශීය පුවත්

වගන්ති 13න් වගන්ති 7ක්ම (60%) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කොරෝනා පනත හැදූ,  අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පූජ්‍ය ආචාර්‍ය්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

තෙල් මිල වැඩි කල ඛනිජ තෙල් ඇමති ගම්මන්පිලට අස්වෙන්න නියෝග දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සබ්‍රිට ඉල්ලා අස්වෙන්නැයි ඉල්ලීම් නොකරන්නේ මැන්දැයි ද එහිමියෝ ප්‍රශ්නකර සිටිති.
උන් වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසූහ.

“ඉන්ධන මිල වැඩිකලා වගේ නෙමෙයි, ඊට වඩා දහස් ගුණයකින් භයානක දේශද්‍රෝහී පනතක් සම්මත කර ගැනීමට උත්සහ ගත් අලි සබ්‍රි මහතා අස්වීමට නියෝග කරන්නේ නැද්ද? සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ එයයි.”

“වත්මන් අධිකරණ අමාත්‍ය වරයා ඉදිරිපත් කල 2019 කොවිඩ් 19 විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැන හරියට කරුණු සොයා බැලුවහොත් එය හරියට 1815 උඩරට ගිවිසුමටත් වඩා භයානක දේශද්‍රෝහී නීති මාලාවක්, ඒ පනත තුලින් පනවන්න උත්සහ ගත්තා.

වාසනාවකට මේ පනත ශ්‍රේෂ්ඨඅධිකරණයේදී අභියෝගයට ලක්වුනා රටට හිතැති නීතිඥවරුන්ගේ ඉදිරිපත් වීමෙන්. ශ්‍රේෂ්ඨඅධිකරණයේ විනිසුරුතුමන්ලා වැඩි දෙනෙකුගේ තීරණය කුමක්ද? මේ පනත ව්‍යවස්ථා විරෝධියි.

මේ පනතේ වගන්ති 13ක් තියෙනවා, ඒ වගන්ති 13 න් එකක්, දෙකක්, තුනක් නෙමෙයි වගන්ති හතක්ම ව්‍යවස්ථා විරෝධියි. ඒ කියන්නේ මේ පනතෙන් 60%ක්ම රාජ්‍ය ව්‍යවස්ථාවට පටහැනියි, නීති විරෝධියි.

කවුද මේ පනත හැදුවේ

කවුද මේ පනත එතකොට හැදුවේ? නිතීය නොදන්නා කෙනෙක්ද ? නෑ. ජනාධිපතිවරයාටත් නීති උපදෙස් දෙන ආකාරයේ විශේෂ්ක්ඥ දැනුමක් තියනවා යැයි සැලකෙන අපේ අධිකරණ ඇමතිතුමා, අලි සබ්‍රි මැතිතුමා. එතුමා එතකොට නීතිපති දෙපාර්තමේන්තුවටත් බොරු එසේත් නැත්නම් නොමග යැවීම් කරලා, අධිකරණයේ අදාල අංශ නොමග යවන්න උත්සහ කරලා කැබිනට් මණ්ඩලයත් නොමග යවලා, පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න ගිය මේ පනත, භයානකම පනතක් කියන බව අපිත් රටට හෙළි දරවු කළා.”

“මේ පනත සම්මත වුනානම් මේ රට ඇෆ්ගනිස්ථානයක් වැනි තත්තවයකට පත් වෙනවා.

විදේශ නීති මේ රටේ ක්‍රියාත්මක කරවන්න, zoom තාක්‍ෂණය ඔස්සේ අධිකරණ කටයුතු කරන්න මේ ආදී වශයෙන් සිදු කෙරෙන ක්‍රියාවන්, හරහා අපේ රාජ්‍ය ආරක්‍ෂාව සම්පූර්ණයෙන්ම විනාශයට පත් වනවා.

ඒ අනුව, මේ පනත, කොරෝන වයිරස උවදුර ඉදිරියට දමාගෙන, කොරෝන වයිරස උවදුර යටතේ වික්ශිප්තව සිටින රටේ, මෙන්න කුමන්ත්‍රණ කාරීව සම්මත කර ගන්න ගත්ත උත්සාහය සම්බන්ධයෙන්, වත්මන් අධිකරණ අමාත්‍යවරයා, වගකීම් බාරගෙන, දේශද්‍රෝහී ක්‍රියාවක් සිදුකිරීමට උත්සහ කිරීමේ වරදට, අවංකවම ඒ වරද පිලිගෙන, ඔහු මේ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි.
බුදු සරණයි දෙවි පිහිටයි ගහගෙන සබ්‍රි හොර හරක් අදිනවා
කිසිදු මහජන පදනමක් නැති, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත්ලා, අධිකරණ ඇමතිකම වගේ බරපතල වගකීමක් ඔහු දරන්නේ රටේ යහපත වෙනුවෙන් නෙමෙයි, වෙනත් කාගේ හෝ අපේ සතුරන්ගේ අවශ්‍යතාවන්ය කියන බව ඉතාමත් පැහැදිලියි.

ලොරියේ ඉදිරි පසින් “බුදු සරණයි!, දෙවි පිහිටයි” කියා ගහගෙන ඇතුලේ හරක් අදින හරක් ගව ගාතක මුදලාලි කෙනෙකුගේ වෘත්තිය තමයි, වත්මන් අධිකරණ ඇමති තුමා මේ නිලයේ ඉඳගෙන කරන්නේ.
ඒ නිසා වගකීම භාරගෙන, තමන්, දේශද්‍රෝහී ක්‍රියාවක් සිදුකිරීමට උත්සහ කරා යැයි කියන කාරණය අවංකව පිළිගෙන, ඔහු අධිකරණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි.”
අවසන් වශයෙන් පූජ්‍ය ආචාර්‍ය්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ පවසා සිටියේ “ජනාධිපති වරයා මේ ගැන නොදන්නවා විය නොහැකියි, ඇමති මණ්ඩලයේ අදාල සියලුම දෙනා මේවා නොදන්නවා විය නොහැකියි. ඒ අයත් ගන්නේ කිනම් පියවරක්ද කියන එක අපි බලාගෙන ඉන්නවා.”

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More