දේශීය පුවත්

මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ රාජිත සේනාරත්න මහතා සෞඛ්‍යය ඇමතිවරයාව සිටින අවධියේදී පැවැති වෛද්‍යය සභාව විසින් තහනම් කළ කරණ ලද උසස් පෙළ අසමතුන් බඳවා ගන්න බෙලරුසියාවේ විශ්ව විද්‍යාලවල වෛද්‍යය පීඨ පවිත්‍රාගේ වෛද්‍යය සභාව විසින් අනුමත කිරීමට කටයුතු කරමින් සිටින බවට චෝදනා කර සිටී. සම්පූර්ණ නිවේදනය පහති.

රාජිත සේනාරතන මහතා විසින් පත්කරන ලද මීට පෙර පැවති වෛද්‍ය සභා විසින් අනුමත නොකරන ලද බෙලරුසියාවේ සහ තවත් රටවල් කිහිපයක පිහිටි උසස් පෙළ අසමතුන් බදවා ගන්නා වෛද්‍ය පීඨ මේ වන විට පවිත්‍රාගේ වෛද්‍ය සභාව විසින් අනුමත කරමින් සිටින බව අපහට දැනගන්නට ඇත.

පසුගියදා පැවති කැබිනට් රැස්වීමකදී ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ද මේ බව ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසුව උසස් පෙළ අසමතුන් බඳවා ගන්නා අදාල බෙලරුසියාවේ වෛද්‍ය පීඨ වල ඉගෙන ගන්නා සිසුන්ට සාධාරණයක් කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇති බව පුවත්පත් වාර්තා කර තිබුණි.

උසස් පෙළ අසමත් වුවද මෙරට ප්‍රභූන්ගේ පවුල්වල දරුවන්ට වෛද්‍ය උපාධිය ලබා දීම සඳහා මේ රටේ සමස්ත සෞඛ්‍ය සේවය බිලි දීම මගින් මෙරට උගතුන් රට හැර යනු ඇති අතර උසස් පෙළ අසමත් වෛද්‍යවරුන්ගෙන් මෙරට රෝහල් පිරී යනු ඇත. ඒ අනුව සමස්ත සෞඛ්‍ය සේවාවම බිඳ වැටෙනු ඇත.

උසස් පෙළ අසමතුන්ට මෙරට වෛද්‍යවරු ලෙස ලියා පදිංචි කරන ලෙස ජනාධිපතිවරයාට පවසන ඇමතිවරුන් ප්‍රතිකාර ලබන්නේ මෙරට රෝහල් පද්ධතියෙන් නොව සිංගප්පූරුවේ හෝ ඕස්ට්‍රේලියාවේ දී ය. මක්නිසාදයත් ඔවුන්ගේ අනුහසින් මෙරට වෛද්‍යවරුන් ලෙස කටයුතු කරන ඇතැම් වෛද්‍යවරුන් උසස් පෙළ අසමතුන් බව ඔවුන් දන්නා බැවිනි

අප මීට පෙර ද උසස් පෙළ අසමත් අයට වෛද්‍ය පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් ඔප්පු කළ හැකි ලිඛිත සාක්ෂි සමඟ මාධ්‍ය දැනුවත් කළත් ඒවාට ප්‍රමානවත් අවධානයක් මාධ්‍යය තුළ නොලැබුණි.

එසේම මෙරට සෞඛ්‍ය සේවය බිඳවැටෙන මෙවැනි ප්‍රතිපත්තිමය තීරණ වලට නිහඬව සිටින උගතුන් මීට වඩා මේ සම්බන්ධයෙන් සංවේඉදීව කටයුතු කළ යුතුය.

අපොස උසස් පෙළ අසමත් වෛද්‍ය උපාධිය ඇති අය වෙත වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට බලතල ලබා දීමට උත්සහ කරණ වෛද්‍යය සභාව උසස් පෙළ සමත් හෙද සේවාවේ නියුතු අයවලුන්ට හෙද උපාධිය ලබා දීමට කටයුතු නොකිරීම මවිතය්ට කාරණයකි.

උසස්පෙල අසමතුන් වෛද්‍යවරුන් ලෙස ලියා පදිංචි කරන්නේ නම් මෙරට විශ්වවිද්‍යාලයකට යා නොහැකි වූ උසස් පෙළ සමත් හෙද හෙදියන්ට ද කඩිනමින් හෙද උපාධියක් ලබා දිය යුතුව ඇත.

උසස් පෙළ සමත් ව රෝහල් කම්කරු සේවයෙන් නියුතු මහත්ම මහත්මීන්ට ද මේ අනුව වෛද්‍ය උපාධිය හෝ හෙද උපාධිය ලබා දිය යුතුව ඇත .

වසන්ත අල්විස් කැඳවුම්කරු
මහජන යුතුකම් කේන්ද්‍රය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More