ජාතික සංවිධාන එකමුතුව ඊයේ(08) රාජගිරියේ පිහිටි සිය මූලස්ථානයේදී මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත තුළ ඇති භයානක ප්‍රතිපාදන 10ක් ඉවත් කිරීමකින් තොරව සම්මත කළහොත් මේ ආණ්ඩුව පත් කිරීමට දායකත්වය දුන් 69 ලක්ෂයක ජනතා වරමට කෙළ ගැසූ ආණ්ඩුවක් බවට පත්වන බවයි.
ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම සහ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර යන මහත්වරු සහභාගි වූහ.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ, යම් හෙයකින් 69 ලක්ෂයක ජනතා අපේක්ෂාවන් වූ යහපාලන ආණ්ඩුව ගෙන ආ භයානක පනත් 32 පරාජය කිරීම පිණිස පත් කරගත් ආණ්ඩුව එම පනත් අතර තිබූ අතිශය භයානක පනතක් වන පෞද්ගලික වෛද්‍යය විද්‍යාල පිහිටුවීමට අදාළ ප්‍රතිපාදන තිබෙන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත තුළ වන විනාශකාරී ප්‍රතිපාදන 10 ඉවත් කිරීමෙන් තොරව සම්මත කර ගතහොත් එය මෙම ආණ්ඩුවේ පැවැත්මේ හැරවුම් ලක්ෂය බව අවබෝධ කරගත යුතු බවයි.
එහිදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව පවත්වන ශිෂ්‍ය උද්ඝෝෂණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ “එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ගෙනා රාගම පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව ශිෂ්‍යය සටන හේතුවෙන් වෛද්‍යය ශිෂ්‍යයන් 35 දෙනෙකු ගේ ජීවිත අහිමිව සමස්ත විශ්ව විද්‍යාල සිසුන් 234ක් දෙනෙකුගේ ජීවිත අහිමි වූවා. එම සටන් සිදු වූවේ ශිෂ්‍යයන්ගේ තිබුණු ඇඟේ අමාරුවකට නොවෙයි. නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය රැක ගැනීම මේ රටේ මිනිසුන්ගේ ඇඟේ ලේ වලටම කැවී තිබෙන අතිශය දියුණු හැඟීමක් නිසයි. වත්මන් ශිෂ්‍යයෝ මේ කරන අරගලය තුළ තිබෙන්නේත් එම හැඟීමම තමයි. සයිට්ම නැමැති වෛද්‍යය උපාධි කඩය වසා දැමීමට ඔවුන් දීර්ඝ කාලයක් කැප කිරීම් කළා. ජාතියේ වාසනාවට ශිෂ්‍යය ජීවිතයක් ඒ වෙනුවෙන් වැය වුනේ නැහැ. ලේ වලින් ආරක්ෂා කරගත් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය සුරැකීමට දායක වීම ඔවුන්ගේ අත්හල නොහැකි වගකීමක්.” යනුවෙනි.
කෙසේ වුවද ආණ්ඩුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත ඊයේ දින විවාදයට නොගත් අතර මාධ්‍යය වාර්තා වලින් කියවුනේ එම පනත නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ එළඹෙන අගෝස්තු මාසයේදී බවයි.
මේ සම්බන්ධයෙන් ලියවුනු ලිපිය පුරවැසි කොලමේ පළවේ…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...