ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්නිනල් ලංකා පෞද්ගලික සමාගම් කෝප් කමිටුව හමුවට කැදවා විගණනයට ලක් කරන ලෙස කෝප් කමිටුව එම සමාගම් දෙකේ වැඩි කොටස් ප්‍රමාණයක් හිමි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, පෙරේදා කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානයෙන් රැස් වු අවස්ථාවේදීයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අනුව අදාළ සමාගම් රජයේ විගණනයට ලක් කළ නොහැකි බව පවසමින් ඔවුන් අධිකරණයට නඩුවක් ගොනුකර තිබුණි.
මේ හේතුවෙන් එම ආයතන පිළිබද සාකච්ඡා කිරීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසු බවයි කෝප් කමිටු සභාපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත්, කෝප් කමිටුවට පැමිණි මන්ත්‍රීවරුන්ගේ අදහස වූයේ මෙම ආයතන දෙකේ කොටස්වලින් 99% අයිතිය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතු බැවින් එම සමාගම් රජයේ විගණනයට ලක් විය යුතු බවයි.
ඒ නිසා එම ආයතන කෝප් කමිවුව හමුවට කැදවීමට අවස්ථාව සැලසිය යුතු බව ඔවුන් අවධාරණය කර තිබෙනවා
ඒ අනුව කෝප් කමිටුවට සහභාගී වූ සියළු මන්ත්‍රීවරුන්ගේ එකඟනාව මත ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා පෞද්ගලික සමාගම කඩිනමින් කෝප් කමිටුවට කැදවන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබාදුන් බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සදහන් කර සිටියේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...