දේශීය පුවත්

ඊයේ බත්තරමුල්ල පාර්ලිමේන්තුව අසල පොල්දූව වටරවුම ආශ්‍රිතව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩලය, පෙරටුගාමි සමාජවාදී පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක මුලිකත්වයෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව පැවැති සාමකාමී විරෝධතාවයට පොලිසිය කඩා පැන කළ පහර දීම සහ විරෝධතාකරුවන් නිරෝධායන කඳවුරුවලට රැගෙන යාම සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය මත විමසීමක් කරණු ලැබුවා. එහිදී ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් මත දක්වමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ “කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත පැවැති යහපාලන ආණ්ඩුව ගෙන ආ පනතක්. එවැනි පනතක් නිසි සමාජ කතිකාවකට ඉඩ නොතබාම යහපාලනය පරදවා පිහිටවූ ආණ්ඩුවෙන් ගෙන ඒම බරපතල වරදක්. එවැනි පනතක් ගෙන එන විට මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පැවැත්ම අපේක්ෂා කරණ පුරවැසියන් විරෝධතාවය දැක්වීම අනිවාර්යෙන්ම සිදු කළ යුතුයි. එය ඔවුන්ගේ අයිතියක්. ආණ්ඩුව නිරෝධයන නීති වලට මුවාවී රටට විනාශකාරී අණ පනත් ගෙන එනවා නම් ජනතාව ඒවා දිහා සතුටු කඳුලු පුරවාගෙන බලාගෙන ඉන්නේ නැහැ. ඊයේ(08) පාර්ලිමේන්තුව අසල පොල්දූව වට රවුමේ සිදු වූයේ එවැන්නක්. නමුත් පොලිසියේ හැසිරීම ඉතාම අශෝභනයි. මාධ්‍යයකරුවන්ගේ කැමරාවලට පහර දෙමින් විරෝධතාකරුවන්ව කුදලාගෙන යමින් හැසිරුණු ආකාරය අනුව නිරොධායන නීති නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නම් විරොධතාකරුවන් අත් අඩංගුවට ගැනීමට සක්‍රියව මැදිහත් වුනු සියලු පොලිස් නිලධාරින් නිරෝධායනයට යොමු කළ යුතුයි.” යනුවෙන් පැවසුවේය.



One thought on “නිරෝධායනයට ලක් කළ යුත්තේ නිලධාරින්වයි- ජාතික සංවිධාන එකමුතුව”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More