බැඳුම්කර ගනුදෙනුවේදී මුදල් ලබාගත් පාර්ලිමේන්තු නියෝජිතයන් 118 දෙනා පිළිබඳ තොරතුරු ඇතුළත් සියලු වාර්තා මේ වන විට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතු බවත් ඒවායෙහි තොරතුරු වසර 30ක් යන තුරු ලබා දිය නොහැකි බව එම දෙපාර්තමේන්තුව පවසන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර “මව්බිම”ට පැවැසීය.
මෙය තමාගේ නම කැත කිරීමට එජාපය ගෙන යන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළේ එක් පියවරක් බවත් තමන්ගේ නම එසේ දමා පැහැදිලිවම මුදල් ලබාගත් 118 දෙනාගේ නම් ටික මෙසේ ඔවුන් හංගා ගත් බවත් මන්ත්‍රිවරයා පැවැසුවේය.
හෙළි කළ යුතු පාර්ලිමේන්තු නියෝජිතයන් 118 දෙනා පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ඊයේ (31දා) තමා ජනාධිපති ලේකම්වරයා හමුවූ බවත් එහිදී ජනාධිපති ලේකම්වරයා බැඳුම්කර ගනුදෙනුවට අදාළ සියලු වාර්තා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට භාරදුන්නා යැයි ප්‍රකාශ කළ බවත්ය.
අනතුරුව අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා 30 අවුරුද්දක් යන තුරු ඉඩක් නොමැති බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පැවසූ බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි මේ තොරතුරු වසර 30කට වසා දැමීම පිළිකුල් සහගත බවද මන්ත්‍රිවරයා පැවැසුවේය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...