අද පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරක් දෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ඉදිරි වසර හතරක කාලය ඇතුළත ශ්‍රී ලංකාව තෙල් සහ ගෑස් නිෂ්පාදනය කරන රටවල් අතරට එකතු වන බවයි.
එහිදී අමාත්‍යයවරයා වැඩිදුරටත් පවසා සිටියේඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ඉදිරි සති දෙකක කාලය ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරණ බවයි.
ඉදිරි වසර දෙක හමාරක කාලයේදී ශ්‍රී ලංකාව තුළම ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් තරම් තෙල් පිරිපහදු කල හැකි පිරිපහදුවක් ඉදි කිරීම මගින් ඩොලර් මිලියන 350 ක පමණ මුදලක් රට තුල ඉතිරි කරගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යයවරයා පෙන්වා දුන්නේය.
විපක්ෂ මන්ත්‍රීවරයෙකු නව තෙල් පිරිපහදුව ඉදිකිරීමේ ටෙන්ඩර පිළිබඳව ඇමෙරිකානු පුරවැසියන් ගෙන් බලපෑම එල්ල වී ඇතැයි කල විමසුමට පිළිතුරු ලෙස අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ තමන් අමාත්‍ය ධුරයට පත් කළේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පමණක් බවත් තමනට ඉදිරියෙන් සිටින්නේ ඔවුන් දෙදෙනා පමණක් බවත්ය. ඔවුන් කිසි දිනෙක තමන්ට බලපෑම් කර නැති බවද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...