දේශීය පුවත්

හිටපු ඇමති නීතිඥ අජිත් පී පෙරේරා මහතා සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් අවධාරනය කරන්නේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

එහ්දි ඒ මහතා අවධාරණය කරන්නේ මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ ආකාරයෙන්ම ඉද්‍රිපත් වූ නඩුවක් සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුවක් ද උපුටා දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.

නීතිඥ අජිත් පී පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පසුගිය මහ මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කළ දින වනවිට බැසිල් රාජපක්ෂ මහතා අපේක්ෂකයෙකු වීමට සුදුසු මූලික සුදුසුකම් සපුරා නොමැති බව පෙන්වා දුන්නේය.

නාම යෝජනා බාර ගත් දින වන විට බැසිල් රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසියෙක් බවත් ද්විත්ව පුරවැසියන්ට මෙරට දී මැතිවරණ ඉදිරිපත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවත් නීතිඥ අජිත් පී පෙරේරා මහතා අවධාරණය කර සිටී.

හිටපු අමාත්‍යය නීතිඥ අජිත් පී පෙරේරා මහතා සිය ෆේස් බුක් ගිනුමේ තැබූ සම්පූර්ණ සටහන පහතින්..

නීතිය අනුව බැසිල්ට බැහැ!

පොදුජන පෙරමුණේ “ජාතික ලයිස්තුවේ” , අපේක්ෂකයෙකු ලෙස ,නම සදහන් නොකළ තැනැත්තකු , ජාතික ලයිස්තු මංත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත්කිරීම , ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි.

“සමරවීර වීරවන්නි” නඩුවේදී , ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවේ “හරය” අනුව, මෙම තර්කය සනාථ වේ. ( එම නඩුව පළාත් සභාවට තරඟ නොකල සමරවීර වීරවන්නි , පළාත් සභාවට , පුරප්පාඩුවක් පිරවීම සදහා, මංත්‍රිවරයෙකු ලෙස පක්ෂ ලේකම් විසින් පත්කිරීමට එරෙහිව පවරන ලද්දකි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව වීරවන්නි මහතාගේ මංත්‍රී ධූරය අහෝසි කරන ලදී. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ අදාල නීතිමය මුලධර්ම පාර්ලිමේන්තුවටත්, පළාත් සභාවටත් එක හා සමානය. )

ඊට අමතරව ,වර්ථමාන පාර්ලිමේන්තුවේ මංත්‍රීවරයෙකු වීමට තවත් බරපතල නුසුදුසුකමක් බැසිල් රාජපක්ෂට ඇත. එනම් මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත්කල දිනය වනවිට , ඔහු , අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සදහා මුලික සුදුසුකම් නොලබා තිබිමයි. එදිනට පැවති නීතිය අනුව , ද්විත්ව පුරවැසියෙකුවු බැසිල්ට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත්වීම තහනම්කර තිබිණි . ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේදී ජන්දය ප්‍රකාශකරනවිට , මුලික සුදුසුකම්වත් ලබා නොතිබුණු බැසිල්ට දැන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිනීම නීතිය අනුව කළ නොහැකිය .

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මංත්‍රිවරයෙකු නම් කිරීමට , පොදුජන පෙරමුණේ ලේකම්ට බලයක් නැත. එසේ නම්කරත් , එම නම පිළිගෙන පාර්ලිමේන්තු මංත්‍රිවරයෙකු ලෙස ගැසට්කිරීමට මැතිවරණ කොමිසමට බලයක් නැත. වර්ථමාන මැතිවරණ කොමිසමට රටේ මුලික නීතිය සහ එය අර්ථ විවරණය කල ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු අනුව තීරනයක් ගැනීමට කොන්දක් ඇත්ද ?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More