ප‍්‍රධාන පුවත්

මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් ජාතියේ විමුක්‌තිදායකයාණන් ලෙස පෙනී සිට මහින්ද රාජපක්‌ෂ මහතාට ලැබෙන සිංහල බෞද්ධ ඡන්ද දෙකට කඩා සුළු ජාතීන්ගේ ඡන්ද වලින් රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒමට සූදානම් වන බව ජාතික සමගි එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර මහතා පැවසීය. අමරසේකර මහතා එම අදහස්‌ ඊයේ (31 දා) නාවල රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්‌ථානයේදී ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳව වැඩි දුරටත් මෙසේද පැවසීය.

මෙම මාධ්‍ය හමුව ආසන්නම සිදුවීමෙන් ආරම්භ කළයුතු බව මම සිතනවා. ආසන්නම සිදුවීම තමයි ඊයේ පැවති සෝභිත හිමියන්ගේ ගුණ සැමරුමේදී ජනාධිපතිතුමා කළ කතාව. එහිදී එතුමා සඳහන් කරල තිබෙනවා තමන් රාජපක්‌ෂ ආණ්‌ඩුවෙන් එළියට ආවේ සිංහයෙක්‌ වගේ කියල. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ සිංහයනුත් දෙජාතියක්‌ ඉන්න එක තමයි. මීළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්‌ෂකයන් දැන් සිටම නම් කිරීම නිසා රට අස්‌ථාවර වන බවත් සඳහන් කරල තිබෙනවා. 2015 ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්‌ෂ මහතාට හෙළිකොප්ටරයක්‌ දුන්නේ තමන් නොවන බවත් එම අවස්‌ථාවේදී සඳහන් කරල තිබෙනවා. එම කතාවේදී පරස්‌පර කතාවක්‌ කරල තිබෙනවා. අපිට මතකයි මහින්ද රාජපක්‌ෂට යන්න හෙලිකොප්ටරයක්‌ දුන්නේ තමන් බව මීට පෙර අවස්‌ථාවකදී ප්‍රකාශ කළා.

ජනාධිපතිතුමාගේ කතාවට සවන් දුන්න ජනයා අන්දුන් කුන්දුන් වෙන්න ඇති මේ මොනවද කියන්නේ කියල. කවුරු අන්දුන් කුන්දුන් වුවත් අපට නම් මේ සිද්ධවෙන්නේ මොකක්‌ද කියල තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම සිංහ ස්‌වරයෙන් කළ එම කතාවේ යටි අරමුණ ලේසියෙන් අවබෝධ කරගන්න අපට පුළුවන්. අපට පමණක්‌ නෙමෙයි මේ රටේ දේශපාලන ස්‌වභාවය පිළිබඳව යම් අවබෝධයක්‌ ඇති අයට එම කතාවේ යටි අරුත තේරුම් ගැනීම අපහසු වන්නේ නෑ.

මම දන්න ආකාරයට ජනාධිපතිතුමා කළේ විශාල රඟපෑමක්‌. එම රඟපෑම කළේ යම් යම් පරමාර්ථ කිහිපයක්‌ ඉෂ්ඨකර ගැනීම සඳහා තමයි.

ජනාධිපතිතුමා එම කතාවෙන් දුන්න එක අදහසක්‌ තමයි මේ රටේ ජාතික ආර්ථිකය, ජාතිකත්වය ආරක්‌ෂා කරගත යුතු නම් ජයග්‍රහණය කරවිය යුත්තේ තමන් කියන එක. ඒ සඳහා තමයි රාජ්‍ය බැංකු ආරක්‌ෂා කළේ තමන් බව සඳහන් කළේ. 47 දෙනකු එකතු වෙලා ව්‍යවස්‌ථා සංශෝධනය කිරීමට දැරුව උත්සාහය පරාජය කළේ තමන් බවත් සඳහන් කළා. මේ ආකාරයට ජනාධිපතිතුමා 20 වන සංශෝධනයට සම්බන්ධවත් ප්‍රකාශ කරයි කියල මම හිතනවා.

කෙසේ වුවත් එම කතාවේ පරමාර්ථය තමයි ජාතියේ විමුක්‌තිදායකයා තමන් මිස මහින්ද රාජපක්‌ෂ නොවන බව කීම. එම නිසා නුඹලාට ජාතිය ගලවා ගැනීමට අවශ්‍ය නම් මාව යළිත් පත් කරගත යුතු බව තමයි ඒ කිව්වේ.

ජනාධිපතිතුමාගේ එම කතාවෙන් තවත් අදහසක්‌ දෙනවා. ඒක තමයි රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්‌ෂ අතර ඩීල් එකක්‌ තිබෙන බව ඇඟවීමට උත්සාහ දැරීම. පරාජය වුණු මහින්ද රාජපක්‌ෂට හෙළිකොප්ටර් දුන්නේ මම නොවෙයි කියල කිව්වේ. ඒ අදහස දෙන්න තමයි. එම අරමුණ ඉෂ්ඨ කර ගැනීමට තමයි එම රඟපෑම කළේ. මට සිතෙන විදිහට ජනාධිපතිතුමා රඟපෑ නාට්‍යයේ පිටපත ලිව්වේ එතුමා නොවන්න පුළුවන්. බොහෝ දුරදක්‌නා නුවනකින් යුතු රෝ සංවිධානය හෝ සී.අයි. ඒ. සංවිධානය වැනි සංවිධානයක්‌ තමයි ඒක කරන්න ඇත්තේ.

එම පිටපතේ අරමුණ තමයි මහින්ද රාජපක්‌ෂට ලැබෙන සිංහල බෞද්ධ ඡන්ද දෙකට බෙදලා සුළු ජාතීන්ගේ ඡන්ද වලින් රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒම. සිංහ ස්‌වරයෙන් ඉදිරිපත් කළ නාට්‍යයේ පරමාර්ථය ඒක තමයි.

මානව හිමිකම් කටයුතු පිළිබඳව නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා

ජනාධිපතිතුමාගේ කතාව පිළිබඳව ගුණදාස අමරසේකර මහතා කළ විග්‍රහය සමග මම එකඟ වෙනවා. ජනාධිපතිතුමාගේ කතාවෙන් පෙනී යන්නේ මේ රටේ සිද්ධ වන විනාශය වැළැක්‌වීම සඳහා සිංහල බෞද්ධ ජනතාව ඒකරාශීවන බව එතුමා දන්න බව. මේ සූදානම් වන්නේ ඒකට පොල්ලක්‌ දාන්න තමයි. තමනුත් රට ගැන හැඟීමක්‌ තිබෙන මිනිහෙක්‌ කියල අඟවලා බෙදා හදන්න තමයි මේ සූදානම් වන්නේ. අපට තිබෙන ප්‍රශ්නය තමයි එහෙම දේවල් කරන පුද්ගලයකු ජනාධිපතිතුමා විසින් අගමැති ලෙස පත්කිරීම. පත්කළා පමණක්‌ නොවෙයි ආරක්‌ෂා කළා. අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්‌ ගෙන එන කොට පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. දෙවන අවස්‌ථාවෙදි බැඳුම්කර වංචාවට එරෙහිව විශ්වාසභංගය ගේන අවස්‌ථාවේදී තමන්ගේ මිනිසුන්ට කියනවා ඊට එරෙහිව ඡන්දය දෙන්න කියලා. ජාතික සංවිධාන එකමුතුවේ විධායක සභික වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතා ද මෙහිදී අදහස්‌ දැක්‌වීය.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More