මේ වනවිට දකුණු ඇමරිකාවේ පවතින ලැම්ඩා ප්‍රභේදය ඕනෑම අවස්ථාවක මෙරටට ඇතුළුවිය හැකි බැවින් මාර්ගෝපදේශයන් අකුරටම පිළිපැදීම ඉතාමත් වැදගත් යැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
කොවිඩ් රෝගීන්ගෙන් අහඹු ලෙස මෙම ජෛව සාම්පල ලබාගන්නා බවද හෙතෙම කීය.
මෙලෙස ලබා ගන්නා ජෛව සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයට පරීක්ෂණ සඳහා ලබාදෙනු ඇත.
‘ලැම්ඩා’ කොවිඩ් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ‘C37’ වශයෙන් නම්කර ලැයිස්තුගත කර තිබේ.
මෙම ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය මේ වනවිට ලතින් ඇමරිකාව, චිලී, පේරු යන රාජ්‍යය ඇතුළු රටවල් 30ක ව්‍යාප්ත වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ මුල්වරට ‘ලැම්ඩා’ කොවිඩ් ප්‍රභේදය පේරු රාජ්‍යයෙන් සොයාගත් බවයි. මෙතෙක් ලොව නිෂ්පාදිත කිසිදු කොවිඩ් මර්දන එන්නතකින් මෙම කොවිඩ් ප්‍රභේදය මර්දනය කළ නොහැකි බවත් එම සංවිධානය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...