හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකය බැසිල් රාජපක්ෂ මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මුදල් මුදල් අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබේ.
තවද පාර්ලිමේන්තු වාර්තා පවසන්නේ අද දිනයේදීම ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද දිවුරුම් දීමට නියමිත බවත් මුදල් අමාත්‍යාංශයේ දී ඒ මහතා වැඩ බාර ගැනීමටද නියමිත බවත්ය.
මේ අතර පාර්ලිමේන්තු වේත්‍රධාරිවරයා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ 09 වැනි ආසනය සූදානම් කර ඇති බවත් ඔහුට ඉදිරි පෙළ අසුනක් හිමි වන්නේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට පෙර අමාත්‍යවරයකු වශයෙන් දිවුරුම් දීම නිසා බවත්ය.
තවද ‘ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම’ නමින් නව අමාත්‍යාංශය ගැසට් කර තිබෙන අතර එම ඇමති ධුරයේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා දිවුරුම් දෙනු ඇතැයිද වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...