දේශීය පුවත්

අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක පුද්ගලයෙක් සහ විශේෂඥ වෛද්‍යවරයෙකි. කොළඹට ආසන්න රෝහලක සේවය කරන අදාළ වෛද්‍යවරයා බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අන්තර්ජාලය හරහා එම දැරියව ලබාගෙන අපයෝජනය කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

එම පුද්ගලයින් දෙදෙනා ද සමග මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ගල්කිස්ස ප්‍රදේශයේ වයස අවුරුදු 15ක එම දැරියව ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පසුගිය ජුනි මස 7 වනදා ගල්කිස්ස පොලීසිය මගින් ප්‍රථමයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි. අන්තර්ජාලය ඔස්සේ අලෙවි කර තිබූ එම දැරියව ලබාගෙන අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකු ද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු 45 හැවිරිදි මොහොමඩ් අෂ්මලි නැමැත්තෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් අතර දැරියව විවිධ පාර්ශ්වයන් වෙත ලබාදුන් පුද්ගලයින්, ප්‍රවාහනය කළ පුද්ගලයින්, කාමර පහසුකම් ලබාදුන් පුද්ගලයින්, දැරියව අපයෝජනයට ලක් කළ පුද්ගලයින්, දැරියව අලෙවි කිරීමට වෙළෙඳ දැන්වීම් නිර්මාණය කළ පුද්ගලයින්, වෙබ් අඩවි පවත්වාගෙන ගිය පුද්ගලයින් වේ.

පොලීසිය සඳහන් කළේ මෙම සිද්ධියට අමතරව මේ ආකාරයෙන් දැරියන් අලෙවි කරන අනෙකුත් වෙබ් අඩවි සම්බන්ධයෙන් ද පූර්ණ විමර්ශනයක් ආරම්භ කිරීමට සූදානම් බවය. ඊයේ දිනයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී එම තීරණය ගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More