කලා පුවත්

කොවිඩ් අර්බුදය සමග චිත්‍රපට ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටළු සහ චිත්‍රපට ක්ෂේත්‍රය කර්මාන්තයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස වන ඉල්ලීම පිළිබදව සාකච්ජා කිරීමට චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින්ගේ සංසද 7ක් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් අද (05) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යංශයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා හමුවිය.

චිත්‍රපට කර්මාන්තය, කර්මාන්තයක් ලෙස සලකා කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරුණු අතර අමාත්‍යවරයා කියා සිටියේ ඒ වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශය සහයෝගය ලබාදීමට සුදානම් බව ය. ඒ වෙනුවෙන් ඉදිරි පියවර ගැනීම සදහා අවශ්‍ය කරන තොරතුරු ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා ඔවුන්ට කියා සිටියේය. සිනමාව කර්මාන්තයක් ලෙස සැලකීමේ වැදගත්කම මෙන්ම ඒ සදහා අවශ්‍ය කරන තාක්ෂණික උපකරණ ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රයන්ට එමගින් ලැබෙන සහාය වැදගත් බව සිනමාකරුවෝ පෙන්වා දුන්හ.

කොවිඩ් අර්බුදය නිසා සිනමා ශාලා මාස කිහිපයක් වසා තැබීමෙන් සිනමා ශාලා හිමියන් මුහුණදී ඇති ගැටළු පිළිබදව ද සාකච්ජා කෙරුණු අතර චිත්‍රපට ක්ෂේත්‍රය කර්මාන්තයක් ලෙස පිළිගැනීම තුළින් එවන් අවස්ථාවලදී යම් සහනයක් ලබාගැනීමට හැකියාව ලැබෙන බැවින් එය එම ක්ෂේත්‍රයේ රදා පැවත්මට රුකුලක් වන බව සිනමා ශාලා හිමියෝ පැවසූහ.

දේශීය සිනමා කර්මාන්තය නුතනයට ගැළපෙන පරිදි යාවත්කාලින කරමින් Netflix වැනි ජාත්‍යන්තර අවකාශයන් සදහා ඉංග්‍රීසි බසින් ගුණාත්මක සිංහල චිත්‍රපට නිපදවීමේ හැකියාව අමාත්‍යවරයා චිත්‍රපටකරුවන්ගෙන් විමසා සිටි අතට එවන් අවස්ථා යොදා ගනිමින් ඉදිරියේදී යාවත්කාලින සිනමාවක් ඇතිකිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාවට චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය නියෝජනය කරමින් ජයන්ත චන්ද්‍රසිරි, බෙනට් රත්නායක, රංගන ශිල්පීන්ගේ සංගමය නියෝජනය කරමින් දමිතා අබේරත්න, බිමල් ජයකොඩි , සංස්කරණ ශිල්පීන්ගේ සංගමය නියෝජනය කරමින් රවින්ද්‍ර ගුරුගේ , බෙදාහරින්නන්ගේ සංගමය නියෝජනය කරමින් අනුරාධ රැකව , අංග රචනා ශිල්පීන්ගේ සංගමය නියෝජනය කරමින් වසන්ත විට්ටච්චි, නයන උජිත , කලා අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය නියෝජනය කරමින් අජන්ත අලහකෝන්, සහාය අධ්‍යක්ෂකවරුන්ගේ හා නිෂ්පාදන කළමනාකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් චලින් මනුරංග, චාමර සේලර යන මහත්ම මහත්මීහු එක්ව සිටිය හ.

මාධ්‍ය ඒකකය,
කර්මාන්ත අමාත්‍යාංශය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More