දේශීය පුවත්

බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය වෙනුවෙන් පොහොට්ටු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය ඉල්ලා අස්වීමේ ලිපිය
පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ.

ඒ අනුව බැසිල් රාජපක්ෂ හෙට දිනයේ මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමට නියමිත බව ‘පොහොට්ටු පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

බැසිල් රාජපක්ෂට මැතිසබයට පැමිණීමට හැකිවන ලෙස ඉවත්විය යුත්තේ කවුද යන්න ගැන දිනකිහිපයක් පුරා සාකච්ජා පැවති අතර බැසිල් විසින් ජාතික ලැයිස්තුවට පත්කළ කිහිපදෙනෙකුම ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොතිබිණ.

එවැනි සාකච්ඡාවලදී ෆලීල් මර්ජාන්, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු විය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහට ඉල්ලා අස්වැන්නයි ඉල්ලීමක් කර තිබුනේ, ඔහුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා යෝජනා කරමිනි.

”එහෙනම් මම ගෙදර යන්නම්.. මට ඔය රටරට වල යන්න දැන් වයසක් නැහැ..” යයි කියමින් ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබු බව වාර්තාවේ.

එසේම, මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන් ඉල්ලා අස්වීමට අකමැත්තක් නැතිබවක් පවසා තිබුනද අගමැතිවරයා ඊට අනුකුලතාවයක් දක්වා නොතිබිණ.

මොහොමඩ් ෆලීල් මර්ජාන් මෙන්ම ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ ද ජාතික ලැයිස්තුවට නම්කර තිබුනේ අගමැතිවරයාගේ නිර්දේශය මතයි.

අවසානයේ ජයන්ත කැටගොඩ මෙන්න මහාචාර්ය රන්ජිත් බණ්ඩාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ඉල්ලා අස්වීමට එකඟතාවය පළකර තිබිණ.

කෙසේවුවද තම වෙනුවෙන් මන්ත්‍රී ධුරය පරිත්‍යාග කළ ජයන්ත කැටගොඩ වෙත ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යලි ගම් මට්ටමින් ප්‍රතිසංවිධානය කිරීමේ වගකීම පැවරීමට බැසිල් රාජපක්ෂ තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

නිල නොවන මුදල් ඇමති බැසිල් !

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දිව්රුම් දීමෙන් පසු ආර්ථික සංවර්ධන හා රාජ්‍ය මුදල් ඇමතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා විසින් තීන්දු කර ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

මුදල් අමාත්‍ය ධුරය නිල වශයෙන් ඔහුට නොලැබුන ද රටේ මුල්‍ය වගකීම් රැසක් හා ඊට අදාල ආයතන ගණනාවක් බැසිල් රාජපක්ෂ වෙත ගැසට් කිරීමට නියමිත බවද පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More