දේශීය පුවත්

ලොව ප්‍රධාන පෙළේ සෞඛ්‍ය විද්‍යාඥයකු වන මහාචාර්ය මලික් පීරිස් මහතා අනතුරු අඟවන්නේ ඉදිරි සති දෙක තුළ ශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යනු ඇති බවයි.

එහිදී ඔහු අවධාරනය කරන්නේ ඉදිරි සතිය තුලදීද ඩෙල්ටා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා විය හැකි බවත් දැනටමත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් ගණනාවක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් හමුවීම මත ඉදිරි සති දෙක ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක වනු ඇති බවයි.

මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ ජනගහනයෙන් එන්නත් ලැබී ඇත්තේ අඩු පිරිසකට පමණක් බැවින් එවන් තත්ත්වයකදී රට පුරා ප්‍රභේදය පැතිර ගියහොත් තත්ත්වය වඩාත් දරුණු විය හැකි බවයි.

මේ වන විට සංචරණ සීමාවන් ද ඉවත් කර ඇති පසුබිමක රට තුළ හොඳ තත්ත්වයක් නොපවතින බැවින් ඉදිරි සති දෙක තුල වැඩි අවදානමක් ඇතිවිය හැකි නිසා ඉතා දැඩි අවධානයෙන් පසුවිය යුතුව ඇතැයි මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More