ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් ඊයේ මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවටද සිරිසේන-රනිල් ආණ්ඩුවටද සිදුවුනු වැරැද්දම මේ ආණ්ඩුවටටත් සිදුවෙමින් පවතින බවත් එම පටලවා ගැනීම පිටුපස අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා සිටින බවත්ය. එහිදී උන්වහන්සේ අවධාරණය කරණු ලැබුවේ සිංගප්පුරුවේ පුරවැසිභාවය හිමි රාජ්‍යය නොවන සංවිධානයක ක්‍රියාකාරිකයෙකු වන ආචාර්ය රොහාන් ගුණරත්න නම් පුද්ගලයෙකු ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ ඇති ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයාතනයේ උපදේශකයෙකු ලෙස පත්කිරීමට කටයුතු කර ඇති බවයි. එහිදී උන්වහන්සේ චෝදනා කරන්නේ අධිකරණ ඇමති අලි සබ්‍රි මහතාගේ ගුරුවරයා ඔස්තාද් මන්සූර් බවත් මොවුන් දෙදෙනා මෙම පත්වීම කර මුඛයෙන් සහ අධෝමුඛයෙන් සිනාවෙන බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...