දේශීය පුවත්

පර්පෙචුවල් සමූහයේ හිමිකාර අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්.ඒ. මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය හා බෙදාහැරීමේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යංශයේ නිර්දේශය මත සුරාබදු
දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි කැබිනට් මණ්ඩලය විසින් අද (05) පස්වරුවේ එම තීරණය ගෙන තිබේ.

මුදල් අමාත්‍යංශය විසින් අර්ජුන් ඇලෝසියස් ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් සමාගමට මෙසේ මත්පැන් ව්‍යාපාරය යළි ආරම්භ කිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම අතරතුර දී ඇමතිවරුන් කිහිපදෙනෙකු ම දැඩි ලෙස විරෝධය පළකර ඇත.

”බැඳුම්කර සිද්ධිය ගැන යහපාලන ආණ්ඩුව කලේ අපි අර්ජුන් ඇලෝසියස් ලට විරුද්ධව මොනතරම් කෑකෝ ගැහුවද, නඩු කිව්වද.. දැන් අලෝසියස්ලට අයෙත් බිස්නස් පටන්ගන්න අවසර දීලා. දැන් අපට අපේ මිනිස්සුන්ට මුණ දී ගන්න බැරුව ඉන්නේ..” යයි කියමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අදහස් දක්වද්දී විමල් විරවංශ හා උදය ගම්මන්පිල ඇතුළු ඇමතිවරුන් කිහිපදෙනෙකුද එම අදහස අනුමත කර තිබේ.

වහාම මුදල් අමාත්‍යංශයේ ලේකම් ආටිගල කැඳවන්නැයි එහිදී දැනුම් දී ඇති ජනාධිපතිවරයා, ඔහු කැබිනට් මණ්ඩල රැස්වීමට පැමිණි පසු මෙසේ බලපත්‍රය නැවත ලබාදීම සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්නකර ඇත.

සියලු ලිපිගොනු පරික්ෂා කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් බලපත්‍රය වහාම අහෝසි කරනලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්ට දැනුම් දී ඇත.

මෙම අවස්ථාවේදී මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ තරමක නිහඬතාවයකින් පසුවූ බව වාර්තාවේ.

බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන්, 2018 වසරේ සිට, සුරා බදු දෙපාර්තමේන්තුව මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය සදහා ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කර තිබුණි.

හිඟ බදු මුදල් වාරික ගෙවීම් මගින් පියවා ගැනීමට සමාගම එකඟ වී ඇති බවත්, ගෙවීම් සිදුකිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කරන බවත් සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පසුගියදා මාධ්‍ය වෙත පවසා සිටියේය.

මෙන්ඩිස් සමාගමට සුරාබදු දෙපාර්තමේන්තුව මගින් බලපත්‍ර 03ක් ලබා දී ඇත. ඒ, මත්පැන් නිෂ්පාදනාගාර 02කට සහ මත්පැන් ස්කාගාරයක් සඳහායි.

මොරගල්ල සහ වැලිසර ප්‍රදේශවල එම ආයතන පිහිටා තිබේ.

අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, 2011 වසරේ දී ඩබ්.එම්. මෙන්ඩිස් සමාගම අත්පත් කර ගත් අතර, ඒ සදහා රුපියල් බිලියනයක මුදලක් එම සමාගම වැය කර ඇති බව පැවසේ.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට පත් වීමෙන් පසුව මෙන්ඩිස් සමාගම වසර දහයක කාලයක් සදහා වෙනත් සමාගමක් වෙත ඔහු විසින් පවරා දෙන ලදී.

නැවත එම සමාගම ඔහු විසින් ලබාගෙන ඇති බවය පැවසේ.

යහපාලන ආණ්ඩු සමයේදී බැඳුම්කර හොරුන් යයි කියමින් අර්ජුන් ඇලෝසියස් එලව එලව පහර ගැසූ රාජපක්ෂවරුන් ඔහුගේ අරක්කු සමාගමට රුපියල් බිලියන 1.5 ක බදු සමාවක් දීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවට එරෙහිව දැඩි විවේචනයක් එල්ලවී තිබිණ.

”බැදුම්කර කණ්ඩායම යළි කරළියට එයි! සුබ ‌මොහොතින් අරක්කු කොම්පැනිය යළි පටන් ගනී! ණය ගෙවලත් නෑ! බදු ගෙවලත් නෑ! ” සමාජ මාධ්‍ය වාර්තා කර තිබුනේ එසේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More