ජනාධිපතුමා විසින් පොහොර සහනාධාරය ගොවියාට සෘජුව මුදල් ලෙස ලබා දීමට ගනු ලැබූ උපාය මාර්ගික තීන්දුව අගය කිරීම සම්බන්ධව ස්තුතිය පළකරමින් ගරු ජනාධිපතිතුමන් වෙත යොමුකළ ලිපියේ පිටපතක් අප වෙත ඒවා ඇත. ඒම ලිපිය හා පසුගිය 2021.05.17 දින ජනපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද දොලොස්වැදැරැම් වැඩපිලිවෙලද පහත පරිවේ වේ.
ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.
ගරු ජනාධිපතිතුමනි,
පොහොර සහනාධාරය ගොවියාට ඍජුව මුදල් ලෙස ලබාදීමට
ගනු ලැබූ උපාය මාර්ගික තීන්දුව අගය කිරීම
පසුගිය 01 වැනි දින ඔබතුමා විසින් ගොවි නියෝජිතයන් අමතා සිදුකළ ප‍්‍රකාශය, එනම් කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට ගනු ලැබූ තීන්දුව කිසිදු ආකාරයකින් ආපසු හැරවීමට ඉඩ නොදෙන බවට ලබාදුන් සහතිකය, අපි ඉතා ඉහළින් අගය කරමු. එසේම 2011.05.17 දින අප විසින් ඔබතුමා වෙත යොමු කළ දොළොස් වැදෑරුම් යෝජනාවලිය අනුව ඔබතුමාගේ ප‍්‍රතිපත්තිමය තීන්දුව මහ පොළොවේ යථාර්තයක් බවට පත්කිරීම සඳහා අප ඉහළම කැපීවීමකින් යුතුව කටයුතු කරන බවට ද ඔබතුමාට දන්වා සිටිමු.
ඊට අමතරව අපගේ දොළොස් වෑදැරූම් යෝජනාවලියේ අඩංගු ප‍්‍රමුඛ යෝජනා දෙකක් ක‍්‍රියාත්මක කිරීමට ඔබතුමා විසින් තීන්දු කිරීම අප ඉතා ඉහළින් අගය කරමු. ඉන් පළමු වැන්න වන්නේ පොහොර සහනාධාරය මුදල් ලෙස ඍජුව ගොවියා අතට ලබාදීම මගින් කාබනික පොහොර භාවිතාය සඳහා ගොවියා දිරිමත් වන අතර ග‍්‍රාමීය ආර්ථිකය තුළ ද යම් පිබිදීමක් ඇතිවේ. ඒ මගින් රු. බිලියන 50000 වැනි මුදලක් ග‍්‍රාමීය ආර්ථිකයට එකතුවන අතර එම ක‍්‍රියාවලිය තුළ ගොවිජන බැංකුවට නැවත පණදීමටත් හැකියාව ලැබේ. ඒ සමස්ත ක‍්‍රියාවලිය මගින් ගොවියා ක්‍ෂුද්‍රමූල්‍ය ණය උගුලින් බේරා ගැනීම සඳහා ගොවිජන බැංකුව හරහා යාන්ත‍්‍රණයක් සකස් කිරීමට ද හැකියාව ලැබේ.
ඔබතුමා විසින් ක‍්‍රියාත්මක කරන්නට යෙදුණු අපගේ දෙවන යෝජනාව වන්නේ නව වගා ක‍්‍රමයට මාරුවීමේදී අස්වනු අඩුවීමක් සිදුවුවහොත් ඒ සඳහා රක්‍ෂණ ආවරණයක් ලබාදීමත් ඉතා වැදගත් වේ. ඒ මගින් ගොවිජනයාගේ මානසික බාධක ඉවත්කොට නව වගාක‍්‍රමය පිළිගැනීම සඳහා මානසික තත්වය නිර්මාණය කිරීමට හැකියාව ලැබේ.
මෙම ඉතා වැදගත් තීන්දු දෙක ඔබතුමාගේ අවසාන අරමුණ ජයගැනීම සඳහා මහත් පිටුවහළක් වන බවට සැකයක් නැත. ඒ පිළිබඳව අප ඔබතුමාට අවංකවම සුබපතන අතර අප විසින් ඉදිරිපත් කළ සමස්ත උපායමාර්ගික රාමුව පිළිබඳව නැවත අවධානය යොමුකරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
ආචාර්ය ගුණදාස අමරසේකර
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව
2021.07.05
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...