දේශීය පුවත්

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ සහය ඇතිව ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මෙරට බිහිවන පළමු වන තාක්ෂණික උද්‍යානයේ කටයුතු ඊයේ දින ඇරඹිණි. තරුණ තරුණියන්ගේ තාක්ෂණික දැනුම්, නිපුණත්වය වර්ධනය කර, ඔවුන් අනාගත ලෝකය වෙනුවෙන් බලගැන්වීම මෙම තාක්ෂණික උද්‍යාන හරහා අපේක්ෂා කරයි.

එහි භූමිය සකස් කිරීමේ කටයුතු කඩිනමින් නිම කර අදියරෙන් අදියර ගොඩනැගිලි ඉදිකිරීමේ අවසන් කර මාස 03ක් ඇතුළත මෙම නව තාක්ෂණික උද්‍යානය ස්ථාපිත කිරීමට නියමිතව ඇත. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාප්පක්ෂ මහතා මග පෙන්වීම යටතේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ලංකාව පුරා තාක්ෂණික උද්‍යාන 05ක් ඉදි වේ.

ඉදිරියේදී කුරුණෑගල ,මහනුවර හා උතුරු හා නැගෙනහිරක් මෙවැනි තාක්ෂණික උද්‍යාන පිහිටුවීමට නියමිතය

මෙම නව තාක්ෂණික ගම්මාන තුළ දේශීය තාක්ෂණයට හා දේශීය නව නිපැයුම්වලට ප්‍රමුඛතාවය හිමි වන අතර ජාතික හා ජාත්‍යන්තර වෙළඳ පොළට ඉඩ සකස් කරන කේන්ද්‍රස්ථාන බවට පැවැසීය. මෙම නව තාක්ෂණික උද්‍යාන පත්වනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More