එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කරලීම සඳහා වූ යෝජනා සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහි සාමාජික පක්ෂවලට දැනුම් දී තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එසේ දැනුම් දී ඇත්තේ පෙරේදා (30දා) රාත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් දේශපාලන පක්ෂ නායකයන් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය.
එම යෝජනා එජනිස මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාර දෙන ලෙසද දන්වා ඇත.
එසේ ලබා ගන්නා යෝජනා ක්‍රියාවට නැංවීම සඳහා කමිටුවක් පත් කිරීමටද එහිදී එකඟතාවක් ඇති වී තිබේ. එම සාකච්ඡාව සඳහා එජනිසට සහාය පළ කරන දේශපාලන පක්ෂ තිහකට අධික සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගි වූ බව නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...