දේශීය පුවත්

සංචරණ සීමා පිළිබඳව නවතම නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ අන්තර් පළාත් සංචරණ සීමා ජුලි 19 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි.

එහෙත් බස්නාහිර පළාත තුළ කොවිඩ් -19 වසංගත තත්ත්වය තවදුරටත් පාලනය කිරීම සඳහා අතිරේක මධ්‍යස්ථ මට්ටමින් සීමාවන් කිහිපයක් ඉදිරියට ක්‍රියාත්මක කරනු ලබන බව එම නිවේදනය වැඩිදුරටත පවසා සිටී.

එම නිවේදනය මගින් පවසා සිටින්නේ, වසංගත රෝග තත්ත්වයන්හී වෙනස්වීම මත පදනම්ව සංශෝධනය කරන ලද සංචරණ සීමා තවදුරටත් සංශෝධනයට ලක්විය හැකි බවයි..

කෙසේ වුවද සෞඛ්‍යය ලේකම්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ අවසර ලබාදී ඇති කාර්යයන් , නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට තදින් අනුකූලව භාවිතාවට ගන්න ලෙසයි.

නව සංශෝධන යටතේ පොදු ප්‍රවාහන සේවා සඳහා බස්නාහිර පළාත තුළ ආසන ධාරිතාවෙන් සියයට 30ක උපරිමයකට යටත්ව සේවාවන් පවත්වාගෙන යා හැකි අතර අනෙක් පළාත් සඳහා ආසන ධාරිතාව සියයට 50 දක්වා වැඩිකර තිබේ.

එමෙන්ම ආයතනික රැස්වීම් සඳහා තිබූ සීමාවන් ලිහිල් කරමින් අත්‍යවශ්‍ය රැස්වීම් සඳහා 10 දෙනෙකුට සීමා කරමින් පැවැත්විය හැකිය.

වැඩමුළු, සම්මන්ත්‍රණ, සන්නාම දියත් කිරීම සඳහා එක්විය හැකි උපරිම පුද්ගල සංඛ්‍යාව 25කි.

මූල්‍ය ආයතන‍, බැංකු, උකස් මධ්‍යස්ථාන විවෘතව තැබිය හැකි අතර මුළු ගනුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව 10 නොඉක්මවිය යුතුය.

ලියාපදිංචි ජංගම වෙළෙඳුන් සහ පදික වෙළෙඳුන් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අවසර හිමිව තිබේ.

නව සීමා ලිහිල් කිරීම් යටතේ සාප්පු සංකීර්ණ විවෘතව තැබීමට අවසර ඇති අතර ඒ තුළ නිකරුණේ ගැවසීම තහනම් කර ඇත‍.

එමෙන්ම සිල්ලර අලෙවිසැල් සෞඛ්‍ය රෙගුලාසි යටතේ විවෘත කිරීමට නව සීමා ලිහිල් කිරීම් අනුව හැකියාව ලැබී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය දිවයින පුරා පවත්වන විභාග හැර අනෙකුත් විභාග සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කිරීමට යටත්ව පැවැත්විය හැකිය.

ව්‍යායාම මධ්‍යස්ථාන, ගෘහස්ථ ක්‍රීඩාගාරථ, ඇවිදීමේ මංතීරු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව විවෘත කළ හැකිය.

පිහිනුම් තටාක සඳහා අවසර නැත.

මංගල උත්සව සඳහා අවසර හිමි නොවන අතර මනාල යුවල ඇතුළු 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවාහය ලියාපදිංචි කිරීමට අවසර ඇත.

ගෘහස්ථ පුද්ගලික උත්සව, ගෘහස්ථ රැස්වීම්, සම්භාෂණ සහ ආගමික උත්සව සඳහා අවසර නොලැබේ.

සැණකෙළි, සංගීත සංදර්ශන, උද්‍යාන, වෙරළ, ගංඟා ඉවුරු වසා තැබිය යුතු බවද දන්වා තිබේ.

පූජනීය ස්ථාන තවදුරටත් වසා තැබිය යුතුය.

සිනමාහල් හා කෞතුකාගාර තවදුරටත් වසා තැබේ.

පබ්, බාර්, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, ඔට්ටු මධ්‍යස්ථාන සඳ අවසර නොලැබුනද ස්පා විවෘත කිරීම සඳහා අවසර ලබා දී ඇත.

අවමංගල්‍ය අවස්ථා සඳහා දේහය මුදා හැර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු කළ යුතුය. 15 දෙනෙකුට සහභාගී විය හැකිය.

හෝටල්, විවේකාගාර, ස්ථානය තුළ අනුභව කළ හැකි සහ ආහාර පිටතට රැගෙන යාහැකි අවන්හල් සෞඛ්‍ය රෙගුලාසීන්ට යටත්ව විවෘත කිරීමටද අවසර හිමි වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More