දේශීය පුවත්

මේ වන විට රට තුළ කොවිඩ් ආසාදිතයින් ගණන පහළ ගොස් ඇති බව පවසන බලධාරීන් දිනක් තුළ කරන ලද පීසීආර් පරීක්ෂණ ගණන හෙලිදරව් නොකිරීමට වග බලා ගෙන ඇති බව වසංගත රෝග මර්ධනය සම්බන්ධ විශේෂඥයින් කණ්ඩායමක් ලංකා ලීඩ් වෙත අදහස් දක්වමින් පවසා සිටියෝය.

කෙසේ වුවද පසුගිය ජූනි 23 වනදා මහජන සෞඛ්‍යය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍යය හමුවක් අමතමින් පවසා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නිකුත් කරනු ලැබ ඇති නව චක්‍රලේඛයක් හේතුවෙන් මෙරට තුළ ඉදිරියේදී කොරෝනා ආසාදිතයන් වාර්තාවීම අඩුවෙන් පෙන්නුම් කරනු ඇති බවයි.

එහිදී උපුල් රෝහන මහතා පෙන්වා දුන්නේ මෙම නව චක්‍ර ලේඛනයට අනුව පළමු පෙළ ආශ්‍රිතයන්ගේ ආශ්‍රිතයන් කවුදැයි කියා සොයා බැලීමක් සිදු නොවන නිසා ඉදිරියේ දී සමාජයතුල වෛරසය ආසාදිතයන්ගේ පොකුරු ඇතිවීමේ අවදානමක් ඇති බවයි.

මේ අතර රාගම රෝහලේ විශේෂඥ වෛද්‍ය අර්ජුනද ද සිල්වා මහතා සඳහන් කරන්නේ ඩෙල්ටා ප්‍රභේදය පාලනය කිරීමට නොහැකි වුවහොත් සති දහයක් ඇතුළත රට තුළ ඉතා දරුණු තත්ත්වයක් ඇති විය හැකි බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More