දේශීය පුවත්

ඔහු එම අදහස් පළකළේ බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.
එහිදී ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මේ චෝදනා නිසා පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කර ගැනීමට අපට සිදුවී තිබෙනවා. බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සමඟ දුරකථන සංවාද කළ, මුදල් ලබා ගත් අය කෝප් කමිටුවට පත් කරන්නට එපා කියලා කථානායකතුමාගෙන් ඉල්ලා සිටියා. ඔහු එය තමන්ගේ වගකීමක් නොවන බව කියනවා. ඒත් ආණ්ඩුව විසින් නම් කරන අය පත් නොකර සිටීමේ බලයක් ඔහුට තිබෙනවා.

පළාත් සභා මැතිවරණයට සංශෝධන ගෙනාවා. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබුණත් සාකච්ඡාවට ගන්නේ නැහැ. අගමැතිවරයා මීට පෙර පොරොන්දු වුණා මාර්තු 31ට පෙර ඒක පවත්වනවා කියලා. ඒත් කථානායකතුමා විමසන විට ඔහුට උත්තර නැහැ. මේ විදියට පාර්ලිමේන්තුවේ වගකීම, ගෞරවය, වටිනාකම විනාශ කොට තිබෙනවා.

මෙරට පාර්ලිමේන්තුවේ කවදාවත් මෙහෙම වුණේ නැහැ. වරප්‍රසාද, විමධ්‍යගත අරමුදල් එක සමානව ලැබුණා. වාහන බලපත්‍ර සියලු දෙනාටම දුන්නා. ඒත් අද උතුරු පළාත් සභාවේ මන්ත්‍රිවරුන්ට පමණයි බලපත්‍ර දී තිබෙන්නේ. අනිත් පළාත්වල පළාත් සභා මන්ත්‍රිවරුන්ට ඒවා දීලා නැහැ.

මේ ආකාරයට ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රටත්, පාර්ලිමේන්තුවත් හෑල්ලුවට ලක්වෙලා. පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන්න කථානායකවරයාට හැකිවී නැහැ.
මේ ආණ්ඩුව විශ්‍රාමික රාජ්‍ය නිලධාරියකු වන ගෝඨාභය රාජපක්ෂට බය වෙලා. එම ගෝඨා බයෙන්ම මේ ආණ්ඩුව මිය යනවා.

ඒකාබද්ධ විපක්ෂයට පක්ෂ නායක රැස්වීමේ නියෝජනය 2-3 දක්වා වැඩි කර දෙන ලෙසත් කෝප් කමිටුවේ සාමාජිකත්වය වැඩිකර දෙන ලෙසත් අපි කථානායකතුමාගෙන් ඉල්ලුවා. මන්ත්‍රිවරු 6ක් ඉන්න ජවිපෙට පක්ෂ නායක රැස්වීමේදී එක නියෝජනයක් තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ 15 දෙනාට නියෝජිතයන් 3ක් සිටිනවා.

මන්ත්‍රිවරු 53ට අපට දී තිබෙන්නේ එක් නියෝජනයක් පමණයි. 2004දී ජනතා විමුක්ති පෙරමුණ සන්ධානයෙන් ඉවත්වූ පසුව වෙනම නියෝජනයක් ඔවුන්ට දුන්නා. ඒ පූර්වාදර්ශය අද භාවිත කරන්නෙ නැහැ.

කවුරු අල්ලස් ගත්තත් වැරැදියි. ඒ අය අපි ගාවට අරගෙන නැහැ. පිරිසක් විපක්ෂයට ඇවිත් සිටිනවා. ඒත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ නැහැ. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අපේ පක්ෂයේ අයකු වුවත් මුදල් අරගෙන තිබෙනවා කියලා තහවුරු වුණොත් අස් කරනවා. අපට ඒ අය ගන්න බැහැ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More