සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ ඉතා වේගවත් ව්‍යාප්තියක් සහිත කොවිඩ් 19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයන් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් සංඛ්‍යාව 19 දක්වා ඉහළ යන බව සෞඛ්‍යය අංශ පවසා සිටී.
මීට පෙරද මෙම ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් 05 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබුණි.
ඊයේ(03) දිනයේ හඳුනාගන්නා ලද ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් 14 දෙනා අතර කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවක ද සිටින බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටී.
හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මේ බව බව තහවුරු කරමින් පවසා සිටින්නෙ අදාළ සේවිකාව රත්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි.
ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් 14 දෙනෙකු එකවර හමුවීමත් සමග සෞඛ්‍ය අංශ දැඩි තිගැස්මට ලක් ව ඇති අතර ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉතා දැඩිව පිළිපදින ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...