පොලිස් මාධ්‍යය ප්‍රකාශක නියෝජ්‍යය පොලිස්පති අජිත් රෝහන මහතා ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස් පොලිස්පති තනතුරට උසස් කර ඇති අතර ඒ මහතා ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති අපරාධ සහ රථවාහන අංශ වලට මාරු කර යවා ඇති බව පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග පවසා සිටී.
අජිත් රෝහන මහතා ඇතුළුව නියෝජ්‍යය පොලිස්පති වරු හත් දෙනෙකු මෙසේ උසස්වීම් සහ ස්ථාන මාරු ලබා ඇති බවද පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටී.
මේ අතර උතුරු මැද පළාත් නියෝජ්‍යය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස්පතිවරයා ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශයට මාරු කර යවා ඇත. ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති එල් එස් පතිනායක මහතා ප්‍රජා පොලිස් ඒකකයේ ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස් පොලිස්පතිවරයා ලෙස මාරු කර යවා තිබේ.
ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස් පොලිස්පති කේ ජයලත් මහතා උතුරු පළාතේ ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස්පතිවරයා ලෙස පත් කර යවා ඇත. ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති ආර් එල් කොඩිතුවක්කු මහතා සබරගමුව සහ ඌව පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.
ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති පී පී එස් එම් ධර්මරත්න මහතා වයඹ පළාතේ සහ උතුරු මැද පළාතේ ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස්පතිවරයා ලෙස කට්යුතු කරණු ඇති බවද වාර්තාවේ.
ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති එම් ඩී ආර් එල් දුමින්ද මහතා දකුණු පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිතය. නියෝජ්‍යය පොලිස්පති ජී ඒ එන් එල් විජේසේන මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජ්‍යය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරණු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...