අගමැති මහින්ද රාජපක්ෂ මහතා මධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටින්නේ බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කැඳවීම මැති ඇමැතිවරුන් මෙන්ම රටේ කාටත් හදිස්සියක් වුවත් තවමත් ඒ සඳහා දිනයක් යොදාගෙන නැති බවයි.
සමහර පුදගලයන් බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළෛබඳව එක් එක් දිනයන් නම් කරනු මුත් අද හෙටම ආණ්ඩු පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ඉල්ලා අස් වූ පසු පමණක් බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කිරීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දිය හැකි බව මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටී.
වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ මේ පිළිබඳව බැසිල් රාජපක්‍ෂ මහතා සමඟ ඉදිරි සතියේ නිල වශයෙන් සාකච්ඡා සිදුකරන බවත් එම සාකච්ඡාවෙන් පසුව ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව ස්ථිර තීරණයක් දිය හැකි බවත්ය.
” බැසිල් රාජපක්ෂ මහතාගේ ස්ථිර තීන්දුව ඔහුම හෙළිකරන තෙක් තමාට ඔහුගේ තීන්දු තීරණ අනාවරණය කළ නොහැකියි”යනුවෙන් අගමැතිවරයා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...