ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත්කළ ඉල්ලීම් හතෙන් පහකට විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත් බවයි.
තවද සංගමය ඉදිරිපත් කළ ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අයවැයෙන් ලබාදීමටද ජනාධිපතිවරයා එකඟතාව පළකර තිබේ.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එම තීරණවලට එළැඹි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසා සිටී.
01. හෙද සරසවිය ආරම්භ කිරීම.
02. යහපාලන රජය සමයේ 2017.12.07 හා 32/2017 මගින් අත්හිටුවා ඇති මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම.
03. අත්හිටුවා ඇති ඊඉ ශ්‍රේණියෙන් ඊශ්‍රේණියට උසස්වීම වසර පහක් ලෙස හා ඊ ශ්‍රේණියෙන් ඉ ශ්‍රේණියට වසර හතෙන් උසස් කිරීම.
04. රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම.
05. දැනට පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමුකිරීම.
යන කරුණු 5 වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබේ.
රුපියල් දස දහසේ දීමනාව සහ 2014.12.24 දින මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් 1/100 අමතර සේවා දීමනාව ලබන අයවැයෙන් ලබාදීමටත් ජනාධිපතිවරයා විසින් එකඟතාව පළකර තිබේ.
ඒ අනුව, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ යෝජනා සියල්ලටම ජනාධිපතිවරයාගෙන් විසඳුම් ලැබුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
රජය සෞඛ්‍ය අංශය කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසුවන අතර හෙද සේවාවට ඉහළ පිළිගැනීමක් ලබාදෙන බවත් හෙද වෘත්තිකයන්ට නිසි තැන ලබාදෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...