දේශීය පුවත්

“ටෘත් විත් චමුදිත” අන්තර්ජාල නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩාවැටීම ඇරඹුණේ කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන හේතුවෙන් බවයි.

මහේල සංගක්කාර මහතා ක‍්‍රීඩා කරන කාලයේදී දෙවැනි පෙළක් නොහැදීම හේතුවෙන් අද තත්ත්වයට ක්‍රිකට් කඩා වැටී ඇති බවත් ඔවුන් දෙපල රට වෙනුවෙන් ක්‍රීඩා කළේ නැති බවත් තමන්ගේ පෞද්ගලික වාර්තාවන්ට පමණක් ක‍්‍රීඩා කළ බවත් රණතුංග මහතා එම සාකච්ඡාවේදී පවසා සිටියේය.

එහිදී අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පවසා සිටියේ වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද අසමත් වී ඇතැයිද  බාප්පා ජනාධිපති තාත්තා අග්‍රාමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතාට ක්‍රිකට් හදන්න නොහැකි නම් වෙනත් කිසිවකුටත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නගා සිටුවිය නො හැකි බවයි.

චමුදිත මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග මහතා “2024 දී පොදු අපේක්ෂකයා තමන් විය හැකියි. මම ඊළඟ ඉම්රාන් ඛාන් වේවි යයි සියලු දෙනා මට බිය වී සිටිනවා.” යනුවෙන් පැවසුවේය.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More