දේශීය පුවත්

මහනුවර දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඈත්කර වීමේ ප්‍රධාන වගකිවයුත්තා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බවයි.

.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,
”කවුරුත් විශ්මකර්මයෝ ඇවිල්ලා කරන්න දෙයක් නෑ. බැසිල් රාජපක්ෂ තමයි මේ සන්ධානේ යම් අර්බුදයක් නිර්මාණය කරන්න පදනම් වෙච්ච පුද්ගලයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබිය යුතු ජාතික ලැයිස්තු, ඒ වගේම නිලතල ඒ කාරණා, ඒ වගේම පක්ෂය කොන් කිරීමේ කටයුතු ආරම්භ වුනේ එතුමාගේ මූලිකත්වයෙන්.

මට හිතෙන්නේ මේ අර්බුද සියල්ල මැද එතුමාට පුළුවන් කළමනාකරණය කරගන්න. ඇමති මණ්ඩලයට ආවත්, නාවත් මේ ක්‍රියාවලිය තුළ බලවත්ම පුද්ගලයා එතුමා. ඉතින් මං හිතන්නේ එතුමා හිටියා කියලා එතුමා අතින් වෙච්ච මහා ආශ්චර්යමත් දේවල් පේන්න නෑ. ඒ වගේම එතුමා ඇවිල්ලා ඔය කියනවා වගේ තෙල් මිල අඩු කරයිද ? එතකොට බඩු මිල අඩු කරයිද ? අපි බලාගෙන ඉමු. ආශ්චර්යමත් සිදුවීම් ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා ද කියලා.

ජනතාව විචාරශීලිව බලන් ඉන්නවා මේ දිහා. අපි හිතන් හිටියා මේ ආණ්ඩුවට අපිත් සහයෝගය දීලා මහා විශාල දේවල් කරයි කියලා. අඩු ගානේ පාරදෘශ්‍යභාවයෙන්. මං හිතන්නේ තරුණ පරම්පරාව අතරෙ කලකිරීමක්, ඉච්ඡාභංගත්වයක් වෙහෙසකාරී බවක් ඇති කරලා තියෙනවා.

මහමැතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පක්ෂය සමඟ වෙනමමත්, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟත් වෙනමත් ගිවිසුම් ඇති කර ගත්තා. මේ ගිවිසුම්, එකඟතාවයන් කඩා බිඳ දමමින් තමයි ආණ්ඩුව පිහිටෙව්වේ. පිහිටුව මුල් අවස්ථාවේදී ම, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකඟ වෙච්ච ඇමතිකම් ලබා දීම එකඟ වුණු ජාතික ලැයිස්තුව සම්පූර්ණ කිරීම ආදිය පැහැර හැරියා. මේ වගේ කෙනෙහෙළිකම්වලින් තමයි ආණ්ඩුව ආරම්භ වුනේ. කෙනෙහිළිකම්වලින් ආරම්භ වෙච්ච ආණ්ඩුව අද වන විට බරපතල අර්බුදයක් දක්වා ගමන් කරමින් තිබෙනවා.

මේ වන විට විශේෂයෙන්ම අපේ සහෝදර, සන්ධානයේ ඉන්න සහෝදර සෙසු පක්ෂවල නායකයින්ට විරුද්ධව මතවාදයන් අදහස් ඉදිරිපත් වෙනවා. මෙහි තීරණාත්මක අවස්ථාව තමයි උදය ගම්මන්පිල ඇමතිතුමා වහාම එතනින් ඉවත් කිරීමට තිරණය කිරීම. මේ කටයුතුත් සමඟම ආර්ථික අර්බුදය සමඟ දේශපාලන අර්බුදයත් ඇති වෙලා තියෙනවා.” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More