දේශීය පුවත්

එළඹෙන පාර්ලිමේන්තු සතිය ආරම්භක දිනයේදී අර්ජුන් ඇලෝසියස් නැමැත්තාගෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 118 ගේ නම් ලයිස්තුව ඉදිරිපත් කර මෙම වංචාවට කිසිසේත්ම සම්බන්ධ නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් අද(31) ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ගරු කථානායකතුමන් වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.
එම ලිපිය පහතින්…

ගරු කථානායකතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ.

ගරු කතානායකතුමනි,

අර්ජුන් ඇලෝසියස් වෙතින් මුදල් ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කර දීම

මහ බැංකු බැඳුම්කර වංචාවෙහි ප්‍රධාන චූදිතයකු වන අර්ජුන් ඇලෝසියස් නැමැත්තාගෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 118කගේ ලයිස්තුවක් පිළිබඳව ප්‍රකාශයට පත්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම රට හමුවේ සැකයටත්, ගර්හාවටත් පත්ව ඇත.

එය මෙම සිදුවීමට කිසිදු අයුරකින් සම්බන්ධයක් නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වූ අවස්ථාවක් බව ද පෙන්වා දීමට කැමැත්තෙමි. එහෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කිරිමේ වගකීම සතු ඔබතුමන්ගේ අවධානය ඒ කෙරෙහි දැනටමත් යොමුව ඇතැයි සිතමි.

ඉදිරි පාර්ලිමේන්තු සතිය ආරම්භක දිනයේ දී ඉහත කී අර්ජුන් ඇලෝසියස් නැමැත්තාගෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 118 දෙනාගේ ලයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි වේ නම්, ඉන් මෙම ගැටළුවට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇත. මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙහි පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලද පිටුවල මෙම නම් 118 සඳහන්ව ඇති බව ද අනාවරණය වී ඇති නිසා ජනාධිපති ලේකම්වරයා වෙතින් එදිනට මෙම ලයිස්තුව ලබා ගැනීමට අපහසු නොවනු ඇත.

එබැවින් එළඹෙන පාර්ලිමේන්තු සතිය ආරම්භක දිනයේදී මෙම නම් ලයිස්තුව ඉදිරිපත් කර මෙම වංචාවට කිසිසේත්ම සම්බන්ධ නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට ඔබතුමන් කටයුතු කරනු ඇතැයි හුදෙක්ම අපේක්ෂා කරමි.

ස්තූතියි.

මෙයට,
විශ්වාසී, විමල් වීරවංශ (පා.ම)
නායක, ජාතික නිදහස් පෙරමුණ.
2018-05-31



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රුසියාව බලා යන අමාත්‍යයවරුන් දෙදෙනෙක් රුසියාවෙන් ඛනිජ තෙල් ලබා ගැනීමටද සාකච්ඡා කරනවා- අමාත්‍ය කාංචන විජේසේකර

අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...


Read More

මහා චක්‍රවර්ති රජෙක් වගේ අගමැති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ අද විස්තර විචාරකයකුගේ තත්ත්වයට පත්වෙලා- පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්

වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...


Read More

ණය ඉල්ලනවා වෙනුවට එකඟ වී ඇති කොන්දේසි සපුරන්න ඉන්දියාව ලංකාවට කියූ බව සන්ඩේ ටෛම්ස් පුවත් පත කියයි

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...


Read More