දේශීය පුවත්

සිසුන් 100 කට අඩුවෙන් සිටින පාසල්වල අධ්‍යයන කටයුතු මෙම මාසය තුළදී නැවත ආරම්භ කිරීමට හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මේ බව සඳහන් කළේ අද (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් එක්වෙමින්.

මෙරට තුළ ළමුන් 50ට අඩු පාසල් 1,439ක් සහ ළමුන් 51 – 100 දක්වා පාසල් 1,523ක් ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

ඒ අනුව සිසුන් 100 කට අඩුවෙන් සිටින පාසල් 2962ක් පවතින අතර පළමුවෙන් එම පාසල් ප්‍රථම පියවර ලෙස ආරම්භ කිරීම සුදුසු බව ජනපති සමග ඊයේ (01) සාකච්ඡා කල බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අනතුරුව අනෙකුත් පාසල් ද නිසි සැලසුමකට අනුව විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More