සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අමරපුර මහා නිකායේ චූල ගන්ධි පාර්ශ්වයේ අනු නායක රදාවඩුන්නේ අස්සජි නා හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් දංඕවිටදී අද(02) මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබල සංධානයක් ලෙස විපක්ෂය ඒකරාශී කිරීමට කටයුතු කර අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඊට එක්සත් ජාතික පක්ෂයද දායකත්වය ලබාදිය හැකි බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,”සමගි ජන බලවේගය විහාරස්ථාන සමඟ ගනුදෙනු කරන්නේ කිසිවකු අනුකරණය කිරීමට නොවේ. අපේ රටේ කිසිවකුට පන්සල පල්ලිය කෝවිල අමතක කර ගමනක් යා නොහැකියි.සමගි ජන බලවේගය සදහම් යාත්‍රා වැඩපිළිවෙළ ක්‍රියාත්මක තියෙන්නෙත් ඒ අනුවයි. අපේ ගමන පන්සල පල්ලිය කෝවිල ආදී සියලු ආගමික ස්ථාන කේන්ද්‍ර කරගෙන ගමනක් යමින් සිටිනවා.” යනුවෙන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...