දේශීය පුවත්

ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදී අදහස් පළකරමි ජනාධිපතිවරයා පවසා සිටියේ වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැය කෙරෙන රුපියල් මිලියන අසූදහසක මුදල මෙරට ගොවි ජනතාවට ලැබීමට සලස්වන බවයි.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ වැඩපිළිවෙළ අඛණ්ඩව සහ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට වල්නාශක, කෘමිනාශක ඇතුළු කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණය, රසායනික පොහොර ලබාදුන් ආකාරයටම ගොවීන්ට ලැබීමට සැලැස්වීමට කටයුතු කරණ බවයි.

තමා ගත් තීන්දුව මගින් පොහොර අවශ්‍යතාව මෙරටදීම නිෂ්පාදනයට දේශීය ව්‍යවසායකයන්ට හා ව්‍යාපාරිකයන්ට අවස්ථාව හිමිවෙන බව ද ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිතයන් හමුවේ පවසා සිටියේය.

ගොවියන්ටද තමන්ට අවශ්‍යය වන කාබනික පොහොර නිෂ්පාදනය කර ගත හැකි බවත් ඒ සඳහා වැයවන මුදල ලබාදීමට රජය සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

එහිදී ජනාධිපතිවරයා “ගොවීන් මෙතෙක් ලබාගත් ආදායම අඩුවීමට ඉඩ තබන්නේ නැහැ. ආදායම අඩුවුවහොත් එම ප්‍රමාණය රජය මඟින් ලබාදී, ගොවියාට අපහසුතාවට පත්වීමට ඉඩ තබන්නේ නැහැ. ” යනුවෙන් පැවසුවේය.

මේ අතර පසුගිය රජය සමයේ ඇන හිට තිබූ “ගොවි රක්ෂණය“ අද සිට යළි ක්‍රියාත්මක කරමින් “ගොවි රක්ෂණ සැකැස්ම“ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාරදීමටද කටයුතු කළේය.

මෙම අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා අදහස් දක්වමින් ගොවි විශ්‍රාම වැටුප ඉහළ නැංවිමට රජයේ අවධානය යොමුව ඇති බව සඳන් කරනු ලැබූ බව ජනාධිපති මාධ්‍යය අංශය මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More