දේශීය පුවත්

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු අසුන ප්‍රදානය කිරීමට සූදානමින් සිටින පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් පිටුවේ සටනක් තබමින්  පවසා සිටීන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්, එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට වහාම පාර්ලිමේන්තුවට පැමීණ ජාතික ආර්ථිකය සම්බන්ධ වගකීම් භාරගන්නා ලෙසට දැඩි පීඩනයක් එල්ල වෙමින් තිබෙන බවයි.

මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ෆේස් බුක් ගිනුමේ තැබූ එම සටහන මෙසේය.

“වහාම පාර්ලිමේන්තුවට පැමීණ ජාතික ආර්ථිකය සම්බන්ධ වගකීම් භාරගන්නා ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට දැඩි පීඩනයක් එල්ල වෙමින් තිබේ.

ඒ පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් හා ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරිකයන්ගෙනි.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් ලබා ගැනීමට අකමැත්තෙන් සිටින බවත් වාර්තා වේ.

ඔහු ප්‍රකාශ කරන්නේ තමන් පාර්ලිමේන්තු නොයා සෙසු ජාතික දේශපාලන වගකීම් ඉටු කරමින් කටයුතු කිරීමට ප්‍රිය කරන බවයි.

කෙසේ වෙතත් ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ ජාතික ආර්ථිකය දැඩි අවපීඩනයක ලක්ව සිටින මේ මොහොතේ බැසිල් රාජපක්ෂගේ ආර්ථික කළමණාකරණ හැකියාව රටට අවශ්‍යයම වී තිබෙන බවයි.

තත්ත්වය උග්‍ර කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතිවලින්ද පාර්ලිමේන්තු පැමිණෙන ලෙසට බැසිල් රාජපක්ෂ මහතාට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව වාර්තා වේ.

එම වෘත්තීය සමිති නිළධාරීන් ලිඛිතවම මෙම ඉල්ලීම සිදු කරමින් සිටින බවත් සඳහන්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More