දේශීය පුවත්

දේශීය පොල් තෙල් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින අමුද්‍රව්‍ය හිඟයට පිළියම් ලබා දී වස විසෙන් තොර ගුණාත්මකභාවයෙන් ඉහළ පොල් තෙල් මෙරටදීම නිපදවා ජූලි මස අවසන් වීමට පෙර, ජනතාවට සහන මිලට ලබා ගැනීම සඳහා වෙළඳපොළට නිකුත් කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක ව තිබේ.
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින බීසීසී ලංකා සමාගමේ මැදිහත් වීමෙන් සිදු කරන මෙම වැඩපිළිවෙළේ ප්‍රගතිය විමසා බැලීමට ඊයේ (29) විශේෂ සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම වැඩපිළිවෙළ යටතේ බීසීසී ලංකා සමාගම, දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් මුහුණ දී සිටින අමුද්‍රව්‍ය හිඟයට පිළියම් යොදමින් තත්වයෙන් උසස් කැබලි පොල් ආනයනය කර නිසි ක්‍රමවේදයකට එකී නිෂ්පාදකයන්ට බෙදාදීමට නියමිත ය. එම අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කෙරෙන පොල්තෙල්වල ගුණාත්මකභාවය පිරික්සීමට නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙස ද මෙහිදී අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.
එසේම මෙම පොල් තෙල් වෙළඳපොළට නිකුත් කළ හැකි අවම මිල ගණන් පිළිබඳව ද අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර දැනට වෙළඳපොළෙහි පවතින මිල ගණන්වලට වඩා, ඉතා සහනදායී මිලකට මෙමගින් පොල් තෙල් නිෂ්පාදනය කර, බෙදා හැරීමට හැකි බව, එහිදී දේශීය පොල් තෙල් නිෂ්පාදකයෝ පැවසූහ.
තවද බීසීසී ලංකා ආයතනයේ සභාපති චමින්ද වෙලේගම මහතා සහ පොල් තෙල් නිෂ්පාදකයන් මෙහිදී සඳහන් කළේ, ජූලි මාසය අවසන් වීමට පෙර මෙම අමුද්‍රව්‍ය මගින් පොල් තෙල් නිෂ්පාදනය කර වෙළඳපොලට නිකුත් කිරීමට කඩිනමින් කටයුතු කරන බව ය. පිළිකා කාරක නොමැති ගුණාත්මකභාවයෙන් උසස් පොල්තෙල් සහන මිලට ජනතාවට ලබාදීම එකම අරමුණ කරගත් මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ගත හැකි සියලු පියවර ගන්නා ලෙස විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය,
2021.06.30



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More