මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවී නිලධාරියෙකුට පහරදී රාජකාරියට බාධා කළේයැයි කියන යුද හමුදා මේජර් ජනරල්වරයා හබරණ පොලීසිය අද (01) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීම හේතුවෙන් යුද හමුදාවේ කීර්ති නාමයට සිදුවන හානිය ගැන සලකා බලා තමා ස්වෙච්ඡාවෙන්ම පොලීසියට ඉදිරිපත්වන බව සදහන් කරමින් අද පෙරවරුවේ හබරණ පොලිස් ස්ථානයට පැමිණ ඉදිරිපත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.
එසේ භාරවුණු එම මේජර් ජනරාල්වරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවත් ඔහුව මේ වන විට කැකිරාව අධිකරණයට ඉදිරිපත්කර ඇති බවත් අජිත් රෝහණ මහතා සදහන් කළේය.
මෙම සිදුවීමට අදාලව දෙපාර්ශවයෙන්ම හබරණ පොලීසියට පැමිණීලි ලැබී ඇති බවත් ඒ පැමිණිලි දෙකම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...