අද (01) සහ හෙට (02) යන දෙදින තුළ විශේෂිත රෝහල් කිහිපයක හැර දිවයිනේ සියලු රෝහල්වල වැඩ වර්ජනයක නිරත වීමට හෙද වෘත්තීය සමිති තීරණය කර ඇති බව වාර්තා වේ.
හෙද වෘත්තීය සමිතියේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ, විශේෂිත රෝහල් ඇතුළු කොවිඩ් ප්‍රතිකාර රෝහල් තුළ එම වැඩවර්ජනය ක්‍රියාත්මක නොකළ ද හෙද ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේ දී අඛණ්ඩ වර්ජනයකට යොමුවන බවයි.
එහිදී ඔහු මාධ්‍යය වෙත අදහස් දක්වමින් “අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් කරන්න තීරණය කරලා තියෙනවා.ලංකාවේ තියෙන සියලුම රෝහල් , මහජන සෞඛ්‍ය සේවාව , හෙද අධ්‍යාපන සේවාව මෙම විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා .
රෝහල් 1103ක්, ජාතික රෝහල් දෙකක්, ශික්ෂණ රෝහල් 26ක්, මහ රෝහල් 17ක් හා විශේෂිත රෝහල් හැර අනෙක් සියලුම රෝහල්වල හෙද හෙදියන් මෙම වැඩවර්ජනය සඳහා සම්බන්ධ වෙනවා. අපගේ හෙද සාමාජිකත්වය 38,000ක් පමණ වෙනවා. එම හෙද හෙදියන් 38,000ම වර්ජනයට සම්බන්ධ වීමට නියමිතයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...