කොන්දේසි කිහිපයකට යටත්ව මැදපෙරදිග සිට පැමිණෙන ගුවන් මගීන්ට පනවා තිබු තාවකාලික තහනම ඉවත් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසා සිටී.
කටාර්, ඕමාන්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ කුවේට් යන මැදපෙරදිග රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට කොවිඩ් වසංගතය හේතුවෙන් ජුලි 1 වන දා සිට ජූලි 13 වන දා දක්වා තාවකාලික තහනමක් පැනවීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය ජූනි 29 වනදා පියවර ගෙන තිබුණි.
ඒ අනුව සිවිල් ගුවන් සේවා අධිකාරිය මැදපෙරදිග සිට පැමිණෙන මගීන්ට පනවා ඇති කොන්දේසි පහත පරිදිය.
1)මැදපෙරදිග රටවල සිට මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන් සතුව ආසාදිත නොවන බව තහවුරු කිරීමට පීසීආර් වාර්තාවක් තිබිය යුතුය. අදාළ ගුවන් සමාගම මගියා ගුවන් යානයට ගොඩවීමට පෙර ඒ පිළිබඳ ව සොයාබැලිය යුතුය.
2)ඇන්ටිජන් පරීක්ෂණ වාර්තා පිළිනොගනී.
3)පීසීආර් වාර්තාව රජයේ හෝ අනුමත කළ ආයතනයකින් ලබාගත යුතු අතර, ඊට අදාළ Qර්/ඹර් කේත එහි සඳහන් විය යුතුය.
4)මගියා ඉදිරිපත් කරන පරීක්ෂණ වාර්තාවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් ගුවන් සමාගම තෘප්තිමත් විය යුතුය.
5)එසේ පැමිණෙන මගීන්ට අවසර ලැබෙන්නේ හෝටල් නිරෝධායනයට ලක්වීමට හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ජෛව ආරක්ෂිත බුබුල සංකල්පය මත පමණි.
එහිදී සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත පවසා සිටින්නේ ජුලි මස 31 වනදා දක්වා ඇංගෝලාව, බොස්ට්වානා, ලෙසෙතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් සිට පැමිණෙන මගීන් සඳහා පැනවු තහනම තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...