දේශීය පුවත්

ආණ්ඩුව සීනි ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් එකකට ලබාදුන් රුපියල් 49.75ක බදු සහනය ජනතාවට මුළුමනින්ම ලැබී නැතැයි පවසමින් සීනි ආනයනයට දී තිබූ බලපත්‍ර තාවකාලිකව අත් හිටුවීමට පියවර ගැනීමට කටයුතු කර තිබේ. ඒ අනුව සීනි මිළ  ඉහළ යාමට නියමිතය.

නමුත් ජනතාවට අඩු මිළට සීනි ලබා දීම අරමුණු කරගනිමින් ඉදිරියේදී වෙළෙද අමාත්‍යංශය මගින්ම සීනි ආනයනය කර රුපියල් 99ක මිලට බෙදා හැරීමට ආණ්ඩුව කටයුතු කිරීමට නියමිත බවද පැවසේ. රාජ්‍යය අමාත්‍යය ජානක වක්වැල්ල මහතා මේ  සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍යය වෙත අදහස් දක්වා තිබුණි.
වත්මන් තත්වය එසේ වුවද රුපියල් 50කට තිබූ සීනි ආනයනයේදී පනවන බදු මුදල රුපියල් 49.75කින් අඩුකර එනම් සීනි ආනයන බද්ද ශත 25 දක්වා අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කළේය.

ඒ සඳහා සතොස හිටපු සභාපතිවරයා වන නුෂාඩ් පෙරේරා මහතා සෘජුව දායක වූ බව වාර්තා වූ අතර අවසානයේදී රටට රුපියල් බිලියන 15.9ක පමණ අහිමි කළ නුෂාඩ් පෙරේරා මහතාට සතොස සභාපති පුටුව අහිමි කර ශ්‍රී ලංකා ප්‍රමිති ආයාතන්යේ මුල් පුටුව හිමි කර දීමට ගජ මිතුරෝ කටයුතු කළහ. ඊට සමාන්තරව සීනි සඳහා පනවා තිබූ බදු පහත හෙලූ විට ෂැංග්‍රිලා හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන සජාඩ් මවුසූන් මහතා විසින් සීනි විශාල තොගයක් රටට ගෙන්වූ අතර ඒ මගින් සජාඩ් මවුසූන් විශාල වංචාවක් කළ බවට දසතින් චෝදනවාට ලක්විය.

අවසානයේදී මුදල් අමාත්‍යංශයම අනාවරණය කළේ සීනි බදු පහත හෙලීමෙන් නුෂාඩ් පෙරේරා සහ සජාඩ් මවුසූන් ඇතුලු කණ්ඩායම රුපියල් බිලියන 15.9ක පාඩුවක් ආණ්ඩුවට සිදු කර ඇති බවයි.

සජාඩ් මවුසූන්ගේ මෙම සීනි බදු කතාවේ කූටපාප්තිය හෙවත් සීනි බදු හේතුවෙන් රජයට රුපියල් බිලියන 15.9ක ආදායම් අහිමි වී ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කරන්නට යෙදුණි. එම වාර්තාවේ විශේෂත්වය වන්නේ අහිමිවී ඇති මුළු මුදල් ප්‍රමාණය හෝ කොටසක් මෙරටට සීනි ආනයනය කළ සීමිත පිරිසකට හිමිවී ඇති බව පෙන්වා දීමයි. සජාන් මවුසූන්ගේ දැවැන්ත වංචාවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කර ඇති අතර එමගින් කියවෙන්නේ මෙම වංචාව මගින් ජනතාවට හිමිවිය යුතු රුපියල් බිලියන 15.9ක මුදල අහිමි වීම මගින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇති බවයි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති, අගමැති , ව්‍යාපාරික සජාඩ් මව්සූන් සහ තවත් හතර දෙනකු නම් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More