ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට ලිඛිත නියෝගයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි රාජ්‍ය ව්‍යවසායන්, ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කළ පුද්ගලයින් සාධාරණ හේතු ඉදිරිපත් කිරීමකින් තොරව ඉවත් නොකරන ලෙස ඇමතිවරුන්ට දැනුම් දෙන ලෙසයි.
එම නියෝගය මගින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා එම දැනුම්දීම සිදු කර ඇත්තේ, වරින්වර සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීම සඳහා ඇමතිවරුන්ගෙන් ඉදිරිපත්වන ලිඛිත ඉල්ලීම් පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතිබව සඳහන් කරමිනි.
අමාත්‍යවරුන් විසින් පවසා සිටින එවැනි සංශෝධන ක්‍රියාත්මක වීමෙන් දැනටමත් සැලසුම් කර ඇති හා ක්‍රියාත්මක වෙමින් පවතින වැඩ කටයුතුයුතුවල වේගයට බාධා ඇති කළ හැකි බව ජනාධිපති ලේකම්වරයාගේ අදහස වී තිබේ.
ඒ අනුව ජනාධිපති ලේකම්වරයා අවධාරණය කරන්නේ සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙනස් කිරීම සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කිරීම අවශ්‍ය බවත්, නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී නියමිත සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන් තේරීම් මණ්ඩලය වෙත ලබාදිය යුතු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ගරු ජනාධිපතිතුමනි, ආරම්භයේදී ඔබතුමා විසින් ප්‍රකට කල ඍජු තීරණ ගැනීමේ ගුණාංගය සමස්ත පාලන කාලය තුල දැක ගැනීම ජනතා අපේක්ෂාවයි. මේ වනවිට එම විස්වාසය පලුදු වීමට බොහෝ හේතුකාරනා බිම් මට්ටමේ සිදුවෙමින් පැවතීම ජනතා අපේක්ෂා භංගත්වයට මුල් වී ඇත. වහාම පාලනය ඔබගේ අතට ගෙන අඩුපාඩුකම් සකසා ජනතා විස්වාසය ගොඩ නැගීම ඔබසතු වගකීමක් බව අවධාරණය කරමි. ප්‍රමාදය අප මව්බිමේ අවසානය ලඟා කරවනු ඇත.