දේශීය පුවත්

අද(30) පෙරවරුවේ යාල වනඋද්‍යානයේ ගල්ගේ නව පිවිසුම විවෘත කිරිමේ අවස්ථාවට සහභාගි වූ සංචාරක අමාත්‍යය ප්‍රසන්න රණතුංග මහතා,  මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පවසා සිටියේ වත්මන් රජය තෙල් මිල ඉහළ දැමූයේ අවුරුදු 2කට පසුව බව ඇතැමුන්ට අමතක වී ඇති බවයි.

එහිදී අමාත්‍යයවරයා පවසා සිටියේ පාර්ලිමේන්තුවට පැමිණි සැනින් තෙල් මිල අඩු කිරීමට බැසිල් රාජපක්ෂ යනු ශක්‍රයා නොවන බවයි.  බැසිල්  රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ බැසිල් රාජපක්ෂ යනු හොඳ සංවිධායකවරයෙක් වන අතර තමන් වෙත පැවරුණු සියලු වගකීම් සාර්ථකව ඉටු කළ නායකයෙක් බවයි .

තවද අමාත්‍යය ප්‍රසන්න රණතුංග මහතා “මහින්ද සුළඟත් එක්ක ආපු පාර්ලිමේන්තු මැතිවරණය අපි පරාදයි.එදා සිද්ද වුණේ කබලෙන් ලිපට වැටුණා වගේ දෙයක්. නමුත් ඊට පස්සේ මේ රටේ පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරන්න පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්න ජනාධිපතිවරණය වැඩි බලයකින් ජයග්‍රහණය කරන්න නායකත්වය දුන්නේ පොහොට්ටුව නිර්මාණය කරපු බැසිල් රාජපක්ෂ මහතායි. එතුමාට හොඳට වැඩ කරන්න පුළුවන් නායකයෙක්. එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කළොත් එය ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ගෙන යන වැඩපිළිවෙලට ලොකු ශක්තියක් එක් කරනවා.” යනුවෙන් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More