උණුසුම් පුවත්

කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා එම තනතුරෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියැදුරු හා නියාමකවරුන් ඇතුළු වෘත්තීය සමිති 34 ක් අද (30 වැනිදා) වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ පැවසීය.

මෙම කාර්යාලයේ අධ්‍යක්ෂවරයා විසින් සිදුකර ඇති බරපතළ ගණයේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීම හා විමර්ශන නොකිරීම, අකාර්යක්ෂම විද්‍යුත් ප්‍රවේශපත්‍ර ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන හාරදහස් හාරසියයක් යටකිරීම, දුම්රිය පුරප්පාඩු පිරිවීමට කටයුතු නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය සිදුකරන බවද හෙතෙම කීවේය.

මේ සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් දෙන තාක් අඛණ්ඩව වර්ජනය ගෙන යන බවද කියයි. දුම්රිය එන්ජින් රියැදුරු සංගමය, දුම්රිය නියාමක සංගමය, පොදුජන දුම්රිය සංගමය, රත්මලාන දුම්රිය සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති 34 ක සහාය මේ සඳහා ලැබී ඇති අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුළු තවත් වෘත්තීය සමිති ගණනාවක් මීට සහාය දක්වා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More