දේශීය පුවත්

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ කොවිඩ් අවදානම හේතුවෙන් එළඹෙන ජූලි 01 වනදා සිට  ජූලි 13 වනදා දක්වා තවත් රටවල් 06ක සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට පැමිණීම අත්හිටුවා ඇති බවයි.

ඒ අනුව, සවුදි අරාබිය, ඩුබායි, කටාර්, කුවේට්, බහරේන් සහ ඕමාන් යන රටවල් සිට පැමිණෙන මගීන් සඳහා එම තහනම පනවා බල පැවැත්වෙනු ඇති බව එම නිවේදනය වැඩිදුරටත් පවසා සිටී.

ගුවන් සමාගම් එම රටවල සිට පැමිණෙන ගුවන් මගීන් එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් වළකින ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා එම නිවේදනය මගින් දන්වා සිටී.

ඊට අමතරව ජුලි මස 31 වනදා දක්වා ඇංගෝලාව, බොස්ට්වානා, ලෙසෙතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන අප්‍රිකානු රටවල් වල සිට පැමිණෙන මගීන් සඳහා ද මෙරටට පැමිණීමේ තහනමක් පැනවීමට ඊයේ (28) සිවිල් ගුවන් සේවා අධිකාරිවර්යා පියවර ගනු ලැබීය.



One thought on “සවුදි අරාබිය, ඩුබායි, කටාර්, කුවේට්, බහරේන් සහ ඕමාන් යන රටවල් සිට පැමිණෙන මගීන් ජූලි 01 වනදා සිට  ජූලි 13 වනදා දක්වා ලංකාවට ඇතුලු වීම තහනම්”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More